යාපනය කණ්ඩායමේ තිවියාංජලීගෙන් තුන් ඉරියව් දස්කම්

0
4

නිශ්මං රණසිංහ ,මාර්තු 15, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය සඳහා නම් කර තිබෙන ඒ ඒ කළාපවලට අයත් දිස්ත්‍රික්ක අතර පැවත්වෙන අවුරුදු 23 න් පහළ කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කිලිනොච්චිය සහ යාපනය අතර පැවති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කිලිනොච්චි කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 126 ක් රැස් කරන්නට සමත් වුණා.එහිදී යාපනය කණ්ඩායමේ තර්මසේකර් තිවියාංජලී කිලිනොච්චි ඉණිමේ අවසාන භාගයේ පන්දුව අතට ගනිමින් ඕවර් 2 ක් තුළ ලකුණු 3 ට කඩුලු 2ක් ලබා නොගන්නට කිලිනොච්චි කණ්ඩායමෙ ලකුණු පූවරුව මීට වඩා විශාල වන්නට තිබූ බව කිව යුතුයි.

ලකුණු 126 ක ඉලක්කය පසුකර යාමට යාපනයට වැය වුණේ පන්දු ඕවර් 12.4 ක් පමණයි.පන්දු 45 න් හතරේ පහර 8 ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 59 ක් ලබා ගත් තර්මසේකර් දිවියාංජලී යළිත් යාපනය කණ්ඩායමේ ගැලවුම් කාරිය වෙමින් මේ තරගයේ වීරවරිය වීමට අවශ්‍යය තුන් ඉරියව්වේම දස්කම සපල කර ගනු ලැබුවා.තිවියාංජලී මේ තරගාවලියේ මේ දක්වා දක්වන ලද ඉහළම තුන් ඉරියව් දස්කමක් සමඟ යාපනය කණ්ඩායමට ජය ගෙන දෙමින් ඇය ගැනත් අවධානය දිනා ගන්නට සමත් වුණා.

එහෙත් මේ තරගවලදී වාර්තාවන වයිඩ් පන්දු යැවීම කිසිසේත්ම සෑහීමකට පත් විය හැකි තත්ත්වයක් නොවේ.ඔවුන් දෙපිරිස අතර වූ තවත් හමුවකදී යළිත් කිලිනොච්චිය ලකුණු 110 ට දැවී ගිය අතර එයින් ලකුණු 24 ක් වයිඩ් පන්දු සහ ලකුණු 11 ක් නෝ බෝල් බවට පත්ව තිබුණා.යාපනය පිතිකාරිණියන් පන්දු ඕවර් 17.3 දී මේ ඉලක්කය පසු කර කඩුලු 7 ට ලකුණු 104 ක් ලබා ගනිමින් කඩුලු 3 ක් ජයක් ලබා ගත්තද එයටද අත්රේක ලකුණු ලෙස කිලිනොච්චි කණ්ඩායම වයිඩ් බෝල 20 ක් සහ නෝබොල් 12 කින් අතිරේක ලකුණු ලබා දී තිබුණා.මේ තරගාවලිය දිස්ත්‍රික් තුළ ක්‍රීඩාව වර්ධනය කිරීම සඳහා යොදා ගැනීමේ වැදගත්කම සහ ඔවුන්ව නිවැරදි දිශාවට යොමු කිරිමේදි සැළකිය යුතු කරුණු වඩාත් ප්‍රායෝගිකව වටහා ගැනීමට මේ තරගාවලිය වැදගත් වන බවට මේ දුර්වලකම්ම සාක්ෂියි.

මොණරාගල දිස්ත්‍රික්කය සහ රත්නපුර දිස්ත්‍රික්කය අතර පැවති දෙවන තරගයෙන් ද රත්නපුර කණ්ඩායම කඩුලු 7 ක් ජයක් ලබා ගත්තා.මේ තරගයේදී පළමු තරගයේදි දස්කම් මතු නොවුණ,රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය සිඳු කළ වැඩ සටහනකදී දිස්ත්‍රික්කයේ සිටින වේගවත්ම පන්දු යවන්නිය වූ මෝහන්බාබු සියන්ති කැපී පෙණුනා.ඇය මේ තරගයේදී පළමුව පන්දුවට පහර දුන් මොණරාගල කණ්ඩායමේ කඩුලු 2 ක් ලකුණු 4 දවා ගනිමින් ඔවුන් සියල්ල ලකුණු 68 ට දවා ගැනීමට පෙරමුණ ගත්තා.තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවද වුණා.

මේ තරගයේදී මොණරාගල රත්නපුර කණ්ඩායමට ලකුණු ලබා නොදී කඩුලු ලබා ගනිමින් පළමු තරගයේදි ලද පරාජයේ අගෞරවය නැති කර ගන්නට උත්සාහ කළ ද,රත්නපුර ක්‍රීඩිකාවෝ කඩුලු ලබා නොදී ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කළහ.ඒ නිසා පන්දු ඕවර් 15 ක් නිමා වන විට කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රහණයට අවශ්‍යය ලකුණු 69 ඔව්හූ රැස් කළහ.

කිලිනොච්චිය සහ යාපනය අතර පැවති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කිලිනොච්චි කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 126 ක් රැස් කරන්නට සමත් වුණා.එහිදී යාපනය කණ්ඩායමේ තර්මසේකර් තිවියාංජලී කිලිනොච්චි ඉණිමේ අවසාන භාගයේ පන්දුව අතට ගනිමින් ඕවර් 2 ක් තුළ ලකුණු 3 ට කඩුලු 2ක් ලබා නොගන්නට කිලිනොච්චි කණ්ඩායමෙ ලකුණු පූවරුව මීට වඩා විශාල වන්නට තිබූ බව කිව යුතුයි.

ලකුණු 126 ක ඉලක්කය පසුකර යාමට යාපනයට වැය වුණේ පන්දු ඕවර් 12.4 ක් පමණයි.පන්දු 45 න් හතරේ පහර 8 ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 59 ක් ලබා ගත් තර්මසේකර් දිවියාංජලී යළිත් යාපනය කණ්ඩායමේ ගැලවුම් කාරිය වෙමින් මේ තරගයේ වීරවරිය වීමට අවශ්‍යය තුන් ඉරියව්වේම දස්කම සපල කර ගනු ලැබුවා.

ශෂිකුමාර් සචින්තනී ලකුණු 10 ට කඩුලු 5 ක් දවා ගනිමින් මේ කළාප කේන්ද්‍ර කර ගනිමින් පවත්වන තරගාවලියේ මේ දක්වා ඉණිමක වාර්තා වුණ හොඳම පන්දු යැවීම වාර්තා කරනු ලැබුවා.මන්නාරම දිස්ත්‍රික්කය වෙනුවෙන් ඇය සිඳු කළ මේ දස්කම නිසා මුලතිව් දිස්ත්‍රික්කය ලකුණු 39 සියල්ල දැවී ගියා.මේ ලකුණු ප්‍රමාණය ඉක්මවා යාමට කිසිවෙකු නොදැවි සමත් වූ මන්නාරම පන්දු ඕවර් 4 ක් ගෙවෙන තැන සිය ලකුණු පූවරුව ලකුණු 43 ක් කර ගන්නට සමත් වුණා.

ඡායාරූපයේ දැක්වෙන්නේ රත්නපුර කණ්ඩායම නියෝජනය කරමින් දක්ෂ පන්දු යැවිමක නිරත වූ මෝහන්බාබු සියන්තියි.

The post යාපනය කණ්ඩායමේ තිවියාංජලීගෙන් තුන් ඉරියව් දස්කම් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here