යාපනය ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් අක්කර 40ක් සිවිල් වැසියන් වෙත නැවත නිදහස් කර තිබෙනවා.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් මානද යහම්පත් මහතා විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන් මහතා වෙත අදාළ ඉඩම් නිදහස් කිරීමට අදාළ ලියවිලි භාරදීම සිදු කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වාසවිලාන් කොට්ඨාශයේ ඉඩම් අක්කර 20ක්, මාන්කොල්ලෙයි ගම්මානයේ ඉඩම් අක්කර 15ක්, යාපනය, කට්කෝවලම් ප්‍රදේශයේ ඉඩම් අක්කර 5යි දශම 7ක් එලෙස සිවිල් වැසියන් වෙත නිදහස් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.
අදාළ ඉඩම් කඩිනමින් ඉඩම්වල මුල් අයිතිකරුවන් වෙත නිදහස් කරන බවයි යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසා ඇත්තේ.
Saru FM Media