යාපනයේ වායු දූෂණය සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්

0
9

යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීමට ගතහැකි සියලුම පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (19) යාපනය මහ නගර සභාවට නියෝග කළේය.

යාපනය ප්‍රදේශයේ වෛද්‍යවරියක වූ උමා සුඛී නඩරාජා මෙනෙවිය විසින් ගොනුකොර තිබූ පෙතසමක් විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු අමතමින්, යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීම සම්බන්ධයෙන් පරිසර පනත්වල විධිවිධාන අනුව කටයුතු කර තිබෙනවාදැයි විමසා තිබේ.

ඒ අනුව අණ පනත්වල සඳහන් විධිවිධානයන්ට අනුව යාපනයේ පරිසර දූෂණය වැළැක්වීමට කටයුතු  කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් යාපනය මහනගර සභාවට දැනුම් දී ඇත.

ඊට අවශ්‍ය සහයෝගය මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලබාදිය යුතු බවද සභාපති විනිසුරුවරයා දැනුම් දී තිබේ.

යාපනය ප්‍රදේශයේ කැලිකසල සහ පරිසරයට මුදා හැරෙන රසායනික අපද්‍රව්‍ය නිසා වායු දූෂණය සිදුවන බවත් මෙම තත්ත්වය වැළැක්වීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසත් ඉල්ලා අදාළ වෛද්‍යවරිය විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here