අපි යන ගමනේ වර්ගය අනුව අපිට ගෙනයන්නට හැකි දේවල් වෙනස් වෙනවා. සෑම ගමන බිමනකටම එකම බඩුසෙට් එකක් උස්සගෙන යන එක සෑම විටම ප්‍රායෝගික නැහැ. අපි ඒ වගේ අවස්ථා කිහිපයක් සලකා බලමු.
1. කාර් එකෙන් හෝ බස් එකෙන් ගොස් අදාල තැනටම යන ට්‍රිප්

Source – theplaidzebra.com
අපේම වාහනයක ගිහින් වාහනය අපි බලන්න යන ස්ථානයටම ඇරලවා අපි නවතින තැනටත් වාහනයෙන් යන්න පුලුවන් නම් අපි යන රථයේ තිබෙන අවකාශය අනුව ඇදුම් පැලදුම්, සපත්තු සෙරප්පු,ආම්පන්න සහ කැමරා ආදී ලොකු බඩු බාහිරාදිය සෙට් එකක් අපිට අරගෙන යන්නට හැකියි. එවිට ඒ ගමනේදී නරඹන ස්ථාන අනුව අවශය ඇදුම පැලදුම් කැමරා බඩු ආදිය මෙන්ම කැමරා ආම්පන්න ආදියද අපිට රිසිසේ රැගෙන යා හැකියි.
2. වන්දනා ගමන්

Source – insider-journeys.com
අපගේ ආගම අනුව වැඳපුදාගන්නට යන වන්දනා ගමන් බොහෝවිට අපි සම්පූර්ණ ගමනම වාහනයකින් තමයි යන්නේ .. සිරිපා වැනි චාරිකාවක් වුනත් වාහනය යට නල්ලතන්නිය ගාවටම යන නිසා එතැනින් අපි ඇඳන් ඉන්න ඇඳුම පිටින්ම ගමනට සහභාගි වෙන්න පුලුවන් කම ලැබෙනවා. වන්දනා ගමනකදි ආගමික ස්ථානයට ගැලපෙන පරිදි ඇදුම් පැලදුම් ආදිය සකසා ගත යුතු වෙනවා. බෞද්ධ සිද්ධස්ථාන වන්දනාවක නම් සුදු ඇඳුමින් සැරසි වෙනත් විසිතුරු වලින් තොරව ඒ ස්ථානවලට යා හැකිනම් එය වඩාත් පහසුවක්.
3. විනෝද චාරිකා

Source – cnn.com
කොහේ හෝ සංචාරක හෝටලයකට හෝ දර්ශනීය ස්ථානයකට නිවාඩුවකට යනවා වුනත් එතැනටම වාහනය යා හැකිනම් එහිදීද අපගේ විනෝදයට අවශ්‍ය බඩු බාහිරාදිය ඇඳුම් පැලඳුම් ආදිය සියල්ලම දමාගෙන යෑම වඩාත් පහසුයි. මුහුදේ ගගේ ඇලේ දොලේ හෝ පූල් එකේ බැහැලා නාන්න තියේ නම් ඒ අදාල ඇඳුම් පැලඳුම් ඒ වගේම වෙරලේ විවේකයෙන් ගත කරනවා නම් ඒකට අදාල දේවල් මෙන්ම කැමරා ආම්පන්න ආදියත් රිසි සේ රැගෙන යෑම කළ හැකියි. එහිදී අපි මුහුදු ආසන්න සංචාරයකදී තද පැහැති ඝන ඇඳුම් පැලඳුම් රැගෙන යෑමේ තේරුමක් නැහැ.. ඒ පරිසරයේදී වඩාත් සැහැල්ලුවෙන් සනීපෙන් සිටින්නට ඇදුම් සරසාගැනීම නොකළහොත් එයත් තවත් එක කාර්යාල දවසක් සේ අපේ ඇඟට පතට දැනෙනවා ඇති.
4. හයික් කැලෑ පැනීම් ඇඩ්වෙන්චර් චාරිකා

Source – gearpatrol.com
බඩු ටික ඔක්කොම පිට බැඳගෙන යන හයිකින් වගේ ඒවාදී විශාල කැමරාවක් රැගෙන යෑම පවා විටකදි අමතර බරක්. විශාල ලීටර් 40-50 බැක් පැක් බැඳගෙන යන විදේශිකයින් අපි මගතොටදි දුටුවත් සැබෑවටම එවන් ප්‍රමාණයක් ඔසවාගෙන ගමන් යෑම වෙහෙසකර දෙයක්.
එබැවින් තමුන් බඩුමල්ල පිටේ තබාගෙන රැයක් කැලෑවේම ගතකරන ගමන් ආදිය සැලසුම් කරන විට වඩාත් සැහැල්ලුවට බඩු මල්ල සකසා ගත යුතු වෙනවා. ඒ වගේ ගමනකදි අමතර බැටරි බැංකුවක් හෝ සූර්ය පැනලයක්, අමතර වතුර බෝතල ආදිය මෙන්ම ශීතල හෝ වර්ෂාවෙන් ආරක්ෂා වීමත් වැදගත්.
එහිදී අප පිටමත තිබෙන බඩු මල්ලෙන් අපේ ඒ ගමනට ඕනි සියලුම දේ සපයාගත්තා වුනත් අපේ පිටට අපේ සියලුම දේවල් එල්ලාගෙන ගමන් කරන්නට බැහැ. විශේෂයෙන් ලැයිස්තුවක් සකසාගෙන අවශ්‍යම කරන ඇඳුම් ආයිත්තම් සහිත සැහැල්ලු මල්ලක් සකසා ගතහොත් එය අපේ කැලෑ පනින ගමන් වලට වඩාත් පහසුවක් වේවි.
5. ඉලෙක්ට්‍රොනික් ටෙක් ගැජට්ස්

Source – leafly.com
අපේ ෆෝන් හෝ කැමරා ආදිය දැන් දැන් නම් වතුරට පින්නට හෝ දැඩි රශ්මියට ඔරොත්තු දෙන ලෙස සකසා තිබෙනවා. එහෙත් සෑමවිටම ෆෝන් එකේ හෝ කැමරාවේ තිබෙන බාහිර කවර පමණක් ඒවායේ ආරක්ෂාවට ප්‍රමාණවත් නැහැ. ස්පෝට් කැමරා, කැමරා, ෆෝන් ආදිය දැඩි තත්ත්වයන් යටතේ ආරක්ෂා කරගැනීමට විශේෂ ආවරණ තිබෙනවා. ෆෝන් නම් වතුරට දැමිය හැකි පොලිතීන් මලු ආදිය ඔස්සේ යම් සැලකිය යුතු ගැඹුරක ෆෝන් එක ගිල්විය හැකියි. විශාල කැමරා නම් ඒවා අමතර ගැස්සීම් සහ වැටිම් වලින් ආරක්ෂා කරගැනීමට කැලේ ගමන් වලටම සැදුණු විශේෂ කවර ආදිය තිබෙනවා. ඒ ආකාරයෙන් ආරක්ෂාව ගැන සැලකිමක් නොමැතිව කැමරා ආදිය ඔහේ රැගෙන යන්නට ගියොත් කැමරාව ට්‍රිප් දෙක තුනකින් පස්සේ වැඩකට ගන්නට බැරි තත්වයකට පත් වේවි.
6. ඒ ඒ පරිසරයට ඕනා දේ

Source – mycity-web.com
කැලය කපාගෙන මානා පදුරු ටිකක් තලාගෙන යන්නට ඕනා නම් මන්නයක් නැතුව ගමන යන එකෙන් කකුල් අතපය සීරි යන්නට පුලුවන් කමක් තිබෙනවා. වැසි කාලයේදී කඳු තරණයේදී කුඩැල්ලන්ට පාඩම් උගන්වන දියරයක් නැතිව ගියහොත් එය ලේ බැංකුවේ ලේ දන්දිමටත් වඩා කූඩැල්ලන්ට ලේදෙන මහා වැඩසටහනක් බවට පත් වේවි. සපත්තු සෙරප්පු ආදියත් අප යන පරිසරයට අනුව මඳක් වෙනස් විය යුතුයි. සෑම ගමනකදීම සපත්තු මාරු කිරීමට නොහැකි වුවත් මුහුදු වෙරළ ගමනකට නම් සෙරෙප්පු දෙකෙන් වුවත් අවුලක් නැතිව ගමන් කල හැකි වුවත් කදු බඩගාන්නට යන විට සෙරෙප්පු දෙකෙන් යෑම අවසානයේ සෙරෙප්පු කැඩී සාමාන්‍ය පයින් කටු අකුල් මත ගමන් කිරීම දක්වා දිගුදුර යන වැඩපිලිවෙලක් වේවි.
සිතා බලමු ලයිස්තුවක් හදාගමු
යන්නට නියමිත ගමන මොකක්ද එහිදි අපිට ලැබෙන අත්දැකිම් මොනවාද කියලා කලින් පොඩ්ඩක් දැනකියාගෙන ඒ අනුව බඩු මල්ල හදා ගත්තානම් අපිට ගමන පුරාවට සැහැල්ලුවෙන් විනෝදයෙන් කාලය ගතකරගන්නට අවකාශ ලැබේවි. ගමනකදි බඩු බාහිර ආදිය තොරාගැනිමත් ඒවා රැගෙන යෑමත් ගැන ඔබට මේ හරහා අදහසක් ලැබෙන්නට ඇති.
Cover Image Source – mountvernonchamber.com / gearpatrol.com
The post යන ගමනේ ආකාරයට රැගෙන යන දේ ගැන සිතමු. appeared first on Lifie.LK.
Saru FM Media