අමෙරිකාව විසින් ඉරානයේ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර එල්ලකරන ප්‍රහාර ඉරානය දැඩි ලෙස හෙළාදැක තිබේ.
සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි පවසා ඇත්තේ, මෙම ප්‍රහාරවලින් ඉරානය යටත්කරගත නොහැකි බවය.
අමෙරිකානු ජනධිපතිවරයා සිය ටෘෘත් සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින්, ඉරානයේ පාලම් විනාශ කර විදුලි බලාගාරද විනාශ කරන බවට සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලෙස ඔහු මේ බව පවසා ඇත.
“පාලම් වැනි ව්‍යුහයන් ඉලක්ක කර ගැනීම සතුරෙකුගේ පරාජය සහ සදාචාරාත්මක බිඳවැටීමක්… හානියට පත් ඕනෑම යටිතල පහසුකමක් ඉරානය යළි ගොඩනගනවා” යනුවෙන් ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ‘X’ ගිණුමෙන් සඳහන් කර තිබේ.
Saru News
















