යක්කල පක්ෂ කාර්යාලයේ භුක්තිය පෙරටුගාමීන්ට

0
1

ගම්පහ යක්කල පාරේ සල්මල් උයන පිහිටි පක්ෂ කාර්යාලයේ භුක්තිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හිමි බව ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා ඊයේ (30) තීන්දු කළේය.

මේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ, මෙම පක්ෂ කාර්යාලයේ භුක්තිය සම්බන්ධයෙන් වූ ආරවුලකට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පිරිසක් අදාළ කාර්යාලයට ඇතුළු වී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

පසුගිය වසරේ (2025) සැප්තැම්බර් දෙවැනිදා දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇති වූ අතර ඒ සම්බන්ධයෙන් යක්කල පොලිසියට කළ පැමිණිල්ලක් මත පොලිසිය විසින් අධිකරණයට කළ කරුණු වාර්තා කිරීමෙන් පසුව අධිකරණය විසින් එම කාර්යාලයේ පාලනය යක්කල පොලිසිය වෙත භාර දුන්නේය.

ඒ සම්බන්ධයෙන් මාස දෙකක කාලයක් තිස්සේ පැවැති අධිකරණය කටයුතුවලින් අනතුරුව පූර්වගාමී මහෙස්ත්‍රාත් සිලනී පෙරේරා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබිණි.

එම තීන්දුව ගම්පහ වත්මන් ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න විසින් ඊයේ (30) සවස ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී ප්‍රකාශ වූයේ තීන්දුවට අනුව මාස දෙකක ගත වූ කාලය තුළින් පෙස්සම්කාර පාර්ශ්වය හැර වගඋත්තරකාර පාර්ශ්වය ඒ කාර්යාලයේ අයිතිය සම්බන්ධව කිසිඳු ප්‍රකාශයක් ඉදිරිපත් කර නොමැති බවය.

මෙම කාර්යාලයේ භුක්තිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට භාරදීම තාවකාලික තීන්දුවක් වෙන බවද මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

මෙම නඩුවේදී ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය වෙනුවෙන් නීතිඥ ක්‍රිෂාන් ප්‍රනාන්දු පුල්ලේ පෙනී සිටි අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ සහ නීතිඥ දිනූසා තිරාණගම පෙනී සිටියහ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here