යක්කලදී මාරක අනතුරක්

0
7

කොළඹ නුවර මාර්ගයේ යක්කල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් කන්ටේනර් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී එහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණයෙකි.

යක්කල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here