මෝර්නින්ග් රූටින් (Morning routine) එකක වැදගත්කම.

0
12


උදෑසන කාලය කියන්නේ බොහෝ දෙනා කාර්යබහුල වේලාවක්.නමුත් smart කාන්තාවක් වන ඔබ, ඔබේ කාලය මනා ලෙස කළමනාකරණය කර ගැනීම වැදගත්.විශේෂයෙන්ම උදේ කාලය අර්ථවත් ලෙස ඔබ ගත කරනව නම් , දවසේ ඉතිරි කාලයත් බොහෝ දේවල් සඳහා වෙන් කරන්නට ඔබට පුළුවන්.අර්ථවත් morning routine එකකට හුරු වෙන ආකාරය පිළිබඳව මේ ලිපියෙන් ඔබට කියන්නයි අපි සූදානම් වෙන්නේ

ඔබේ උදෑසන කාලය ආහාර පිසීමෙන් වත් ,උදෑසන ආහාර ගැනීමෙන් පසුව වත් අවසන් වන්නේ නැහැ.උදෑසන කාලය තුළ ඔබ කරන හැම දෙයක්ම දවසේ ඉතිරි කාලය සඳහාත් මග පාදන නිසා උදෑසන කාලය තුළ නිසි සැලසුමක් ඇතිව ක්‍රියාශීලීව ඔබ ඔබේ කටයුතු කළ යුතුයි

ඔබ රාත්‍රියේ දී කලින් නින්දට යන කෙනෙක් වුවත් මධ්‍යම රාත්‍රිය පසුවී නින්දට යන කෙනෙක් වුවත් ඔබ අවදි වන්නේ බොහෝ පමා වී නම් ඔබට උදෑසන ගත කිරීමට ඇති කාලය අඩු වනවා.එවිට ඔබේ උදෑසන ආහාර වේල හෝ ව්‍යායාම හෝ මගහැරී මුළු දවස පුරාම ඔබේ ක්‍රියාශීලිත්වය අඩපණ වීම සිදුවෙනවා.

එම නිසා ඔබ වැඩිපුර නිදා ගැනීම සඳහා වෙන් කරන විනාඩි 15ක කාලයක් වුවත් ඔබට නොතේරුනත් අතිශයින්ම වැදගත්.morning routine එකකදී මේ සෑම කාර්යක් සඳහාම නියමිත වේලාවක් වෙන් කරන නිසා එක් එක් කාර්යයන් ඔබට මග හැරීමේ ප්‍රවණතාවය අඩු වෙනවා.ඔබ සාර්ථකත්වය කරා ළගා වීමට කැමති ,ඔබේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට කැමති smart කාන්තාවක් නම් හොඳින් සැලසුම් කළ morning routine එකක් ඔබට අතිශයින්ම වැදගත්

ඔබේ සාමාන්‍ය ජිවන රටාව මොනවගේදැයි කියා හොදින් සිතා බලන්න.ඔබ දිනපතා ම සිදුකරන, ඔබේ පවුල සහ ඔබ වෙනුවෙන් ඉටු කළ යුතු අත්‍යවශ්‍යම කාරණා පෙළගස්වා ඒවා ඔබේ morning routine එකට ඇතුලත් කරන්න.ඒවායේ පිලිවෙල ඔබට පහසු ආකාරයට සකස් කර ගැනීමෙන් ඒවාට අනුගත වීම ඔබට එතරම් අපහසු කාර්යයක් වන්නේ නැහැ .

මෙය ඉතාම සරල පියවරක්.මෙයින් ඔබේ පසුදින උදෑසන කාලයෙන් පුංචි පුංචි කාර්යයන් සඳහා ඔබට ගත වන කාලය ඉතිරි කර දෙනවා.ඔබ රාත්‍රී නින්දට යාමට පෙර පසුදින කාර්‍යාලයට යාම සඳහා ඔබ අදින ඇඳුම තෝරා තබනවා නම් , එහෙමත් නැත්නම් උදෑසන ස්නානය කිරීමෙන් පසුව ඔබ අඳින ඇඳුම් තෝරා තබනවා නම් එය උදෑසනදී ඔබට මොනතරම් පහසුවක්ද ? ඒවගේම ඔබ රාත්‍රී කාලයේදී ආහාර පිසින විටම පසුදින උදෑසන දී ඔබ සකස් කරන ආහාර වලට අවශ්‍ය දේවල් සූදානම් කර තබනවානම් උදෑසන කාලයේදී ඔබට ආහාර පිසීමට වෙන් කරන්නට සිදු වන්නේ ඉතා කුඩා කාලයක්.උදෑසන දී ඔබ කරන මෙවැනි කුඩා දේවල් සූදානම් කර තැබීමෙන් සහ පෙර දින රාත්‍රියේ දී අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් ගැන සැලකිලිමත් වීමෙන් පසුදා උදෑසන මොන තරම් පහසු වනවාදැයි ඔබටම සිතේවි

මෙය බොහෝ දෙනා සාමාන්‍යයෙන් සිදු කරන දෙයක්.උදෑසනදී alarm එක නාද වන විට එය කල් තැබීම හෝ එය නතර කර තවත් සුළු වේලාවක් හෝ නින්දට යාම බොහෝ දෙනාගේ පුරුද්දක්.නමුත් මින් සිදුවන්නේ ඔබේ උදෑසන කාලය කෙටි වීම හා කාලය නාස්ති වීමයි.මෙය නතර කර ගැනීමට ඔබට කළ හැකි හොඳම දේ නම් ඔබට උදෑසන අවදි විය හැකි හොදම වේලාව තෝරාගෙන ඒ සදහා එක Alarm එකක් පමණක් තබා එය නාද වන සැණින් අවදි වීමයි.මුලදී ඔබට එය අපහසු වුණත් දින කිහිපයක් එය සිදු කරන විට නිරායාසයෙන්ම ඔබ එයට හුරු වනවා.

දවසේ වැදගත්ම ආහාර වේල උදෑසන ආහාර වේලයි.එපමණක් නොව එය පෝෂ්‍යදායි සහ සමබර ආහාර වේලක් වීමත් වැදගත්.බොහෝ දෙනා උදෑසන කාර්යබහුල වීම නිසා උදෑසන ආහාර වේල මඟ හැර දමනවා.එය ඔබේ සෞඛ්‍යයට ඉතාම හානිකර දෙයක්.ඔබේ වාහනයේ ඉන්ධන අවසන් නම් එය ධාවනය කළ නොහැකි බව ඔබ දන්නවා.ඔබේ ශරීරයත් ඒ වගේමයි.ඔබේ උදෑසන කාලය ඉතා ක්‍රියාශීලීව ගත කරනවා නම් සම්පූර්ණ දිනයම අර්ථවත්ව ගත කිරීමට හැකි වනවා වගේම ඔබ උදෑසන ආහාරය මග හැර කටයුතු කරනවා නම් ඔබේ ශරීරය ඉතා ඉක්මනින් වෙහෙසට පත් වී දහවල් කාලය වන විට කිසිවක් කර ගැනීමට නොහැකි තත්ත්වයට පත්වනවා.

ඒ වගේම උදෑසනදී කෙටි ආහාර ,සීනි අධික ආහාර වෙනුවට පෝෂ්‍යදායී ආහාර වේලක් ,කැඳ හෝ smoothiesදෙයක් ලබා ගැනීමත් ඔබේ සෞඛ්‍යයට හිතකර වෙනවා.

ඔබ එකවරම විශාල වේලාවක් ව්‍යායාම කිරීමට හෝ ව්‍යායාම ක්‍රම රැසක් අනුගමනය කිරීමට හුරුවිය යුතු නැහැ.මෙය කුඩා පියවරකින් ආරම්භ කර ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කර ගත හැකියි.පලවන දිනයේ දී විනාඩි 15 ක පමණ කාලයක් ඇවිදීම හෝ දිවීම ද ඉන්පසුව ඔබට ගැළපෙන ව්‍යායාම රටාවකට හුරු වෙන්නටද ඔබට පුළුවන්.බොහෝ දෙනා සිතන්නේ ශරීරයේ බර වැඩි නම් පමණක් ව්‍යායාම කළ යුතු බවයි.නමුත් එය සම්පූර්ණයෙන්ම වැරදි මතයක්.ඔබේ ශරීරය නිසි ලෙස පවත්වා ගැනීමට සහ ඔබේ ක්‍රියාශීලී බව හොඳින් පවත්වාගෙන යාමට නම් ඔබ ව්‍යායාම කළ යුතුමයි.

මෙය ඔබට නැවුම් හැඟීමක් ඇති කරන පියවරක්.පවුලේ වගකීම් වෙනුවෙන් වෙහෙසෙන කාන්තාවක් වන ඔබ අනිවාර්යයෙන්ම ඔබ වෙනුවෙනුත් වේලාවක් වෙන් කළ යුතුමයි.ඔබේ රූපය සහ ශරීරය නීරෝගීව සහ ලස්සනට පවත්වාගෙන යාමට නම් දිනපතාම ඔබ විසින් යම් දේවල් සිදු කළ යුතුයි.හොඳින් ස්නානය කර පිරිසිදුව සිටීමත් , ස්වාභාවික රූපලාවණ්‍ය සත්කාර මගින් ඔබේ රූපය ඉතා හොඳින් පවත්වාගෙන යාමටත් ඔබේ උදෑසන කාලයෙන් යම් වේලාවක් ඔබට වෙන් කළ හැකියි.

උදෑසන කාලය හොඳින් ගත කිරීමෙන් පසුව දවසේ ඉතිරි කාලය අර්ථාන්විතව ගත කරන්න ඔබට අපහසු වන්නේ නැහැ.Smart කාන්තාවක් ලෙස ඔබට ඔබේ දවස තුළ ඉටුකිරීමට කාර්යයන් රාශියක් තිබෙනවා.ඒවා එකක් වත් මග නොහැර ඉටු කිරීමට පහසු වීමට නම් ඒවා නිසි අයුරින් සැලසුම් කිරීම ඔබ කළ යුතුයි.

” සූදානම් වීමට අපොහොසත් වීමෙන් ඔබ අසාර්ථක වීමට සූදානම් වේ “

එම නිසා ඔබේ කාර්යයන් වෙනුවෙන් සූදානම් වීම ඉතා වැදගත්.ඔබේ ඉදිරි කාර්යයන් සියල්ල සටහන් කරගෙන ඒවා සැලසුම් කර ගැනීමට උදෑසන කාලයෙන් කුඩා වේලාවක් වෙන්කර ගන්න.මේ කටයුත්ත රාත්‍රී කාලයේදි නොකර උදෑසන කාලයේදි කිරීමෙන් ඉදිරි පැය වලදී එම කටයුතු සාර්ථකව සහ කාර්යක්ෂමව කර ගැනීමට ඔබේ මනසට යම් උත්තේජනයක් ලබා දෙනවා

මෙවැනි ප්‍රධාන කාර්යයන් කීපයක් ඇතුළත් කර ඔබට ගැලපෙන morning routine එකක් සකස් කරගෙන එයට හුරුවීමෙන් සති කිහිපයක් ගත වන විට ඔබේ උදෑසන කාලය වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම එකක් වී ඇති බව ඔබටම වැටහේවි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here