මෝදි 1996 ක්‍රිකට් ලෝක කුසලානයේ ශූරයින්ව සම්මුඛ වෙයි (ඡායාරූප)

0
14


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ 1996 වර්ෂයේ ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් අතර හමුවක් ද පැවැත්වුණා.

මෙම හමුව අද (05) දහවල් කොළඹ දී පැවැත්වූ බවයි වාර්තා වන්නේ.

1996 වර්ෂයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජය සංකේත දිනූවන් සමග කතාබහ කිරීමට ලැබීම සතුටක් බවයි මෝදි සඳහන් කර ඇත්තේ.

එම විශිෂ්ට කණ්ඩායම ක්‍රිකට් ලෝලීන්ගේ හදවත් දිනාගත් බවත් මෝදි සිය X සටහනේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

අද මෝදි මුණගැසීමට 1996 වර්ෂයේ ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රීඩකයින් වන අරවින්ද සිල්වා, මාවන් අතපත්තු, කුමාර් ධර්මසේන, සනත් ජයසූරිය, චමින්ද වාස් ඇතුළු පිරිසක් එක් ව සිටියා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here