මෝදි හා මෙරට ද්‍රවිඩ දේශපාලන නායකයින් අතර හමුවක් – ඉන්දීය ද්‍රවිඩ ජනතාවට සුබ කාලයක්

0
16


නරේන්ද්‍ර මෝදි සහ මෙරට ද්‍රවිඩ දේශපාලන නායකයින් අතර හමුවක් ද අද (05) පැවැත්වුණා.

ද්‍රවිඩ ප්‍රජාව සහ ඉන්දීය ශිෂ්ටාචාරය වසර 200කට අධික කාලයක් ජීවමාන පාලමක් සේ දෙරට අතර කටයුතු පවත්වාගෙන යන බවයි මෝදි සඳහන් කර ඇත්තේ.

මෝදි සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම හමුව දේශපාලනික ව ඵලදායී වූ බවයි.

ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගයෙන් ඉන්දීය සම්භවයක් සහිත දමිළ ප්‍රජාව සඳහා නිවාස 10,000ක් ඉදි කිරීම, සෞඛ්‍ය සේවා පහසුකම්, සීතාඑළිය කෝවිල් පුදබිම සහ වෙනත් ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ඉන්දියාව ඉදිරියේ දී සහාය ලබාදෙන බව ද මෙම සාකච්ඡාවේ දී අවධාරණය කෙරුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here