එළඹෙන අප්‍රේල් 04 වැනි දා සිදු කිරීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර මෙරටට එරට උසස් ආරක්ෂක අංශ නිලධාරීන්ගේ කණ්ඩායමක් පැමිණ තිබෙනවා.
තොරතුරු වාර්තා වන පරිදි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මෙම සතියේ ශ්‍රී ලංකා සංචාරයට පෙර ශ්‍රී ලංකා ආරක්ෂක ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම සඳහා ඉන්දීය ආරක්ෂක අංශ කණ්ඩායම කොළඹට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
අග්‍රාමාත්‍ය මෝදි අනිද්දා (04) සිට අප්‍රේල් 06 තෙක් මෙරට රැඳී සිටිනු ඇති.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය අතරතුර කොළඹ සහ අනුරාධපුරයේ විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ද වාර්තා වනවා.
මෝදි සිකුරාදා සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබසිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ විදේශ කටයුතු අමාත්‍ය, ජාතික ආරක්ෂක උපදේශක, විදේශ ලේකම් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ ඉන්දීය නිලධාරීන් ද නිල සංචාරයට එක්වනු ඇති.
Saru FM Media