2012 වසරේ සැප්තැම්බර් මස 26 වැනිදා මෝදර කෝවිල අසල පිහිටි නිවසක් තුළ දී 21 හැවිරිදි අවිවාහක තරුණයෙකුට පොලු මුගුරුවලින් පහර දී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කරනු ලැබූ චූදිතයින් පස්දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.
අදාළ නඩු තීන්දුව අද (28) දිනයේ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් එකී නඩු තීන්දුව පිරිනමනු ලැබුවා.
එමෙන්ම එකී ඝාතන චෝදනාවලට විත්තිකරුවන් ලෙස නම්කෙරුණු තවත් පුද්ගලයින් දෙදෙනකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරුණා.
එකී වරද සිදු කරන විට එම නඩුවේ දෙවැනි සහ නවවැනි විත්තිකරුවන් දෙදෙනා වයස අවුරුදු 18ට වඩා අඩු බැවින් ඔවුන් හට මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පනවන බව මහාධිකරණ විනිසුරුවරයා පැවසුවා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා පැවසුවේ විත්තිකරුවන්ට එරෙහිව සාධාරණ සැකයකින් තොරව නඩුව ඔප්පු කර ඇති බවයි.
Saru FM Media