මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් 03 දෙනෙකු අත්අඩංගුවට – Saru News | සිංහල

0
2

ව්‍යාජ ආකාරයට මෝටර් රථ කිහිපයක් ලියාපදිංචි සිදු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවය කරන ලද නිලධාරින් තිදෙනෙකු අද (26) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින්.

ඒ අනුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිත්‍යානුකුල මුල් ලියාපදිංචියක් නොමැති වාහන 03ක් නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදු කිරීම සඳහා දත්ත ඇතුළත් කිරීමේ චෝදනාව මත හිටපු මාර්ග ආරක්ෂාව පිළිබඳ සංවර්ධන සහකාරවරයෙකු, ඒ සඳහා කවුළු අංක නිකුත් කිරීමේ චෝදනාව මත හිටපු විමර්ශන සහකාරවරයෙකු සහ ඊට අනුමැතිය ලබාදීමේ චෝදනාව මත හිටපු සහකාර කොමසාරිස්වරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here