මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යයන් කිසිදු බාධාවකින් තොරව සිදුවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක් විසින් සිදුකරන කාර්යයන් පසුගියදා ඇණ හිට ඇති බවට වාර්තා වීමත් සමග මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේද කාර්යයන් ද ඇණහිට ඇති බවට ව්‍යාජ තොරතුරු ඇතැම් පාර්ශ්වයන් විසින් මුදා හැර ඇති බවය.
විශේෂයෙන් එම සේවාවන් ඇණහිට ඇති බවට තැරැව්කරුවන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාලාභීන් අනවශ්‍ය පීඩනයකට ලක් කරමින් සිටින බව මේ වන විට වාර්තා වී ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ වන විට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් සිදුකරන මෝටර් රථ නව ලියාපදිංචි හා මෝටර් රථ පැවරීමේ කාර්යයන් කිසිදු බාධාවකින් තොරව සිදුකරන අතර වේරහැර රියදුරු බලපත් අංශයේ කාර්යයන් මෙන්ම අනෙකුත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලුම දිස්ත්‍රික් කාර්යාලවල කාර්යයන්ද කිසිදු බාධාවකින් තොරව මේ වන විටත් සිදුවෙමින් පවතින බවත්ය.
මේ හේතුවෙන් මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් තැරැව්කරුවන් ඇතුළු පිරිසගේ ව්‍යාජ තොරතුරු හමුවේ නොරැවටී කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
Saru FM Media