මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට අලුත් මුහුණක්

0
8


මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් වෙත භාරදී  තිබෙන බව වාර්තා වනවා.

නිශාන්ත අනුරුද්ධ ඉවත්වීමෙන් පසු පුරප්පාඩු වන එම තනතුර සඳහා  ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන කමල් අමරසිංහ මහතා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට අදළා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවටයි.

කමල් අමරසිංහ මහතා දැනට වයඹ පළාත් සභාවේ මාර්ග, ප්‍රවාහන, නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සේවය කරනු ලබයි.

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස බිමල් රත්නායක පත්වීමෙන් පසුව මීට පෙර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන, ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ, ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි සිය තනතුරුවලින් ඉල්ලා අස්විය. 

නිශාන්ත අනුරුද්ධ ගේ ඉල්ලා අස්වීමත් සමග ප්‍රවාහන අමාත්‍යංශය හා අනුබද්ධ ආයතන හයක් අතුරින් ආයතන හතරක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිය තනතුරුවලින් ඉවත්වීම විශේෂත්වයකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here