මෝටර් රථයක් වැනි දෙයක් වෙනුවෙන් රුපියල් බිලියන ගාණක් වියදම් කරන්න තර​ම් මං මෝඩ නෑ – ඩඩ්ලි සිරිසේ​න

0
6

මෑතකදී අතිශය කතාමැ​වූ ඩඩ්ලි සිරිසේ​න මහතාගේ ​රෝල්ස් රොයිස් Phantom 8 රථය සම්බන්ධයෙන් ඔහු Facebook ​හී තැබූ සටහන….

මේ දවස් වල මම ගෙන්වපු රෝල්ස් රොයිස් Phantom 8 රථය සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකා රේගුව සම්බන්ධයෙන් කියවෙන කතා බොහෝ තැන්වල සංසරණයවන නිසා, ඒ ගැන මගේ ප්‍රතිචාරය ඔයාලට එක්ක බෙදා ගන්න මට ඕන වුණා. ( මොකද කිසි දෙයක් හරියාකාරව නොදන්නා පරිසරයක වැරදි පුවත් සමාජගතවන එක ඉක්මණටම සිදු වෙනබව අපි හැමෝම දන්න නිසා )

කතාව මේකයි. මීට මාස කිහිපයකට කළින් මම Rolls-Royce මාදිලියට අයත් Phantom 8 කියන සුඛෝපභෝගී වාහනය ලංකාවට ආනයනය කරන්න සියලු දේවල් සූදානම් කළා. ඉතින් ඒකට අවශය බැංකු ණයවර, එහෙමත් නැත්නම් LC ආදිය විවෘත කරලා අදාළ මෝටර් රථයත් ලංකාවට ගෙනාවා.

මේ මෝටර් රථය Airfreight කරල ලංකාවට ඇවිත් ටික දිනක් ගතවූණාට පස්සෙයි අපි දැනගත්තෙ cross boardering වලට අදාළ රටේ නීති රෙගුලාසි 2013 වගේ පසු නැවතත් රේගුව විසින් පණගන්වලා කියලා. එතකල් වාහන දහස් ගණනක් ලංකාවට ආනයනය කළේ සාමාන්‍යයෙන් මේ ක්‍රමය හරහා තමයි.( cross bordering කියන්නෙ වාහනයක් නිෂ්පාදිත රටෙන්ම එයට අදාළ LC විවෘත වෙන්න ඕන. මෙහි නිෂ්පාදිත රට වුණේ එක්සත් රාජධානිය ).

ඉතින් ඒ සිදුවීම නිසාම මේ මෝටර් රථය නිදහස් කරගන්න විශාල මුදලක් අපිට අතිරේකව ගෙවන්න වෙන නිසා මම කළේ අදාල ප්‍රතිඅපනයන ගාස්තු ගෙවලා ඒක ඒ ආයතනයටම නැවතත් යවපු එක. ඉතින් ඒ සිදුවීමෙදි මම සහ ඒ ආයතනය අතර ඇතිකගත්ත එකඟතාවයකදි නැවතත් ඉදිරියේදී එම රථයක් ලංකාවට ගෙන එන්න ගිවිසගත්තා.

ඔය අතරෙදි තමයි මට ආරංචි වුණේ Rolls Royce සමාගමේ 100 වෙනි සංවත්සරය වෙනුවෙන් විශේෂ මාදිලිවල සීමාසහිත නිෂ්පාදනයන් ( Limited Edition ) පෙළක් ඒ අය හඳුන්වා දෙන්න යනව කියලා. ඉතින් ඒ අනුවයි මම පසුගිය දිනෙක ලංකාවට ගෙන්වපු Rolls Royce Phantom series 8, EWB කියන මෝටර් රථය ලංකාවට ගෙන්වන්නෙ. මොකද ඒක කළින් ගෙන්වපු රථයට වඩා තාක්ෂණය වැඩිදියුණු කළ ( Upgrade ) එකක්.

ඉතින් මිත්‍රවරුනි, මෙවර මම වාහනය ආනයනය කරන්න බාරදුන්නෙ දිවයිනේ ප්‍රකට අතරමැදි වාහන ගෙන්වීමේ සමාගමකට. ඉතින් ඒ අය ක්ශේත්‍රයේ පළපුරුදු ප්‍රවීණයො නිසාම මට තිබුණෙ ඒ අයට ගෙවන්න තියන සම්පූර්ණ මුදල ගෙවලා පාඩුවෙ පැත්තකට වෙලා බලාගෙන ඉන්න එක.

ඉතින් හිතුවත් වගේම මීට ටික දවස් කිහිපයකට කළින් එම ආයතනය විසින් මගේ වාහනය ලංකාවට ආනයනය කළා. ඊට පස්සෙ ඒ වාහනයට අදාළ බදු ඇතුලු සියලුම රේගු ගාස්තු ගෙවලා වාහනය නිදහස් කරගත්ත එම ආයතනයේ අය එය ගෙනැවිත් මට බාරදුන්නා. ඉතින් මගේ පාර්ශවයෙන් මෙයට අදාළ ගණුදෙණුව සම්පූර්ණ වුණ නිසාම, මම වාහනය බාරගෙන පහුවෙනිදම රාජකාරී සංචාරයක් වෙනුවෙන් විදෙස්ගත වුණා.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here