මොළේ ට්‍රැක් පනින,මූණ කට හැක් කරන ශරීරෙම ක්‍රැක් කරන සීතල කෑල්ල

0
1

‘කාලෙන් කාලෙට එන වසංගතේ නෑ අඩුපාඩු ආසාවට ගත්තම හිතවතුනේ කාටද පාඩු’

මීට දසක හතරකට පෙර එනම් එක්දහස් නවසිය අසූ ගණන්වලදී සුප්‍රසිද්ධ බයිලා ගායක නිහාල් නෙල්සන් විසින් තමන්ම තනු නිර්මාණය කර තමන්ගේ කටහඬෙන් ගැයූ ඉහත ගීතයෙන් කියවුණේ ඒ කාලයේ අප රටට ආ කුඩු හෙවත් හෙරොයින් වසංගතය
ගැනයිග එම ගීතයේ ගේය පද රචනය කාගේ වුවත් ඉතාම සරල බසින් හැමෝටම තේරෙන අයුරින් රසවත්ව ගැටලුව සහ ඉන් වන හානිය පද රචකයා විසින් මනාව විස්තර කර තිබේ.

ඔහු එදා ඒ කී දේ වචනයේ පරිසමාප්තියටත් වඩා ඉදිරියට ගොස් තවත් වර්ධනය වෙමින් මේ වෙන විට හෙරොයින්වලට අමතරව කේජීල හෂීස්ල කොකේන්ල බාබුල්ල මාවා මෙන්ම හෂ්ල කුෂ්ල ඇපල්ල පිල්ල බම්පිං ජම්පිං ආදී එකී නොකී වසංගත පසුකර ගෙන අයිස් ළඟ නතර වී ඇත.

මොනවද මේ අයිස්?

අයිස් යනු හොඳට විකිණෙන සහ ඉල්ලුමක් ඇති මනෝකාරක සංඝටකයකට (Psychoactive Substance) වඩා බොහෝ ජනප්‍රිය කවුරුත් දන්න මාධ්‍යයට නිධානයක් වූ මාතෘකාවක් හෝ ප්‍රස්තුතයක්ද වී ඇත.

අද මේ අයිස් ගැන වැඩිපුරම කතා කරන්නේ ඒ පිළිබඳව මුකුත් නොදන්නා සමහරක් මාධ්‍ය අංශ මෙන්ම ව්‍යාජ මනෝ වෛද්‍යවරු සහ මනෝ උපදේශකයින් කියා ගන්නා අය සහ කාටත් හොර රහසේ මෙම මත් සංඝටකය සමාජයට ප්‍රචලිත කර අලෙවිය ප්‍රවර්ධනය කිරිමට රහසේ කටයුතු කරන ජාවාරම්කරුවන්ගේ අදිසි බළල් අත් සහ කුලියට ලියන්නන් ය.

ඊට අමතරව ර්‍ණඅයිස් හොඳ නැත ප්‍රතිවිපාක බොහෝය ඒ නිසා අයිස් නොබී බියර් අරක්කු සිගරට් සුරුට්ටු බීපල්ලා” කියා සමාජ මතයක් හදන සමහර කොම්පැනිකාරයෝ ද මේ සීතල සටනට රහසේ ප්‍රවිෂ්ටව ඇත.

අයිස් කියා ආකර්ෂණීය නමක් තියා බොරු වටිනාකමක් දී අපේ මෝඩයන් පුච්චා උරා බොන මේ රසායනය ඍජුවම මොළයේ මධ්‍ය ස්නායු පද්ධතියට බලපාන මනෝකාරක සංඝටකයකි. කවුරු ඒක කොහොම මොනවා දමා හැදුවත් එහි ඇති බහුතරයක් කොටස් රුධිරයේ සහ සිරුරේ විවිධ කොටස්වල ඇති වතුරේ නොදියවෙන රසායනයක් නිසා (non-water soluble) සිරුරේ ඇති විවිධ බැරියර් පසුකොට ගොස් මොළයේ මධ්‍ය ස්නායු පද්ධතියට (CNS = Central Nerves System) සම්බන්ධ වෙයි. ඒ නිසා මත් වීමක් කෙසේ වෙතත් විවිධ ශාරීරික චර්යාමය සහ මානසික වෙනස්වීම් සිදුවෙයි.

●අයිස් ගත් විට ඇති වෙන දේ

● හිසේ කැක්කුම

● හිසේ බර ගතිය

● නිදි මත නොපැමිණෙන තත්ත්වය

● දත්මිටි කෑම

● ඇඟ පුරා කැසිල්ල

● කන් අගුල් වැටීම

● හිසේ උඩු කොටස් හිරිවැටීම

● විවිධ ශබ්ද ඇසීම

● උගුර හිරවීම සහ දැවිල්ල ඇතිවීම

● පිපාසයක් නොදැනීම

පෙර / පසු

බහුතරයක් සාමාන්‍ය මනුෂ්‍යයාට ඉහත තත්ත්වයක් අපහසුකාරී වේදනාදෙන කටුක කර්ශක අත්දැකීම් වුවත් ස්වපීඩා කාමුකත්වය (Self harming Disorder) නමැති මානසික අපගමන තත්ත්වයෙන් පෙළෙන අයට මේවා ආතල් එකකි. ජොලියකි. ෆන් එකකි. උදාහරණයක් වශයෙන් කිවහොත් සමහරු කැමති කට කාරගෙන යන මද්‍යසාරය අමුවෙන් බොන්නටය.ඒ අපුල සැර වේදනාව ඔවුනට සැපකි.තවත් අය කැමති මද්‍යසාරය තනුක කොට කටගැස්මක් සමග පාවිච්චි කරන්නටය. (Consuming alcohol with shandy and bite)
සමහරු (බහුතරයක්) කැමති බොහෝම ඉවසිලිවන්ත ශෲංගාරාත්මක ආදරණීය හැඟීම්බර ලිංගික සංසර්ගයකටය.එහෙත් තවත් සුළුතරයක් අය තමාට රිදුම් දෙන වේදනාකාරි කටුක ලේ ගලන ප්‍රචණ්ඩකාරී ලිංගික ක්‍රියාවලියකටය. ගුද මාර්ගය සහ උගුර ආශ්‍රිත ලිංගික කටයුතු කස පහර දෙමින් අත් පා බැඳ බිම දණගාවමින් කට බැඳ මුකවාඩම් දමා සංසර්ගයේ යෙදී තෘප්තියට පැමිණීම මේ සඳහා උදාහරණයි.

අයිස් ගැහිල්ල ද එසේමය. මෙම මානසිකත්වය සහිත පුද්ගලයාට අවශ්‍ය වන්නේ මත්වීමට වඩා තම මොළයට මනසට සිරුරට වේදනාවක් ගෙන දෙන වින්දනයකටය. එය උන්ගේ ආතල් එකය.

“අයිස් ගැහුවට ඇති වැඩක් නෑ බොස් මෙළෝ රහක් නෑ. ඔළුව කැක්කුමයි දත් කූරු කෑමයි නින්ද නොයෑමයි කන්න බොන්න ඕනිවෙන්නෙ නැති එකයි විතරයි වෙන්නෙ. ඒ ඇර වෙන කිසිම ආතල් එකක් නෑ.”

ඒ අප රටේ අයිස් නමැති රසායනය උරන බහුතරයකගේ අදහසයි.

ඇයි මේවට අයිස් කියන්නේ

“අපේ කාලයේ ඒ කියන්නේ අසූව අනූව කාලේ අයිස් කියල කිව්වෙ අපි කොකේන්වලට. ඒවා සුදුම සුදු කුඩක්, හරියට අයිස් වගේ නිසා මං ලෝකේ රටවල් තිස් හතලිස් ගාණක ට්‍රැවල් කරපු සේලර් (සීමන්) කෙනෙක්. අපේ කාලේ කොයි රටකවත් දැන් තියෙන අයිස් තිබුණේ නෑ. ඒව මේ මෑතකදී බැහැපු කෙමිකල් ඩ්‍රග්ස් ජාතියක්. දැන් තියෙන ඒවත් හරියට අයිස් කෑලි වගේ නිසා තමයි කොල්ලෝ මේවටත් අයිස් කියන්නෙ.”

මෙහෙම කියන්නෙ ආමර් වීදියේ මාර්ෂල්ග ඔහු නැවක බෝෂන් කෙනෙක් (Boat Swain) මාර්ෂල් පමණක් නොව හැත්තෑව දසකයේ අග සිට මේ දක්වා නොකඩවා මත්ද්‍රව්‍ය භාවිතා කරන අජා, ඩීන්, කුලේ, අමරෙ, රිකී, විවී ආදී සැමගේම අදහස අයිස් යනු සත පහකට වැඩක් නැති මිනිසුන් විසින් මිනිසුන් මුලා කරන කෘත්‍රිම රසායනයක් බවයි.

කොකේන් යනු මිල අධික මත්ද්‍රව්‍යයක් නිසා සාමාන්‍ය අයෙකුට පාවිච්චි කළ නොහැක. එනිසා මුදල් හිඟ එකා කරන්නේ කොකේන් වෙනුවට මේ අලුත් රසායනය භාවිතා කිරීමයිග පිටරටවල උන් මේවාට දුප්පතාගේ කොකේන(Poor Man’s Cocaine) කියා අමතනු ද මා අසා ඇත.

ලෝකයේ වෙනත් රටවල මේ මනෝකාරක සංඝටකය මෙත් ක්‍රිස්ටල්මෙත්, ෂබූ චෝක් ට්‍රෑෂ් ඩන්ක් කොට්න් කැන්ඩි ආදී නම්වලින් හඳුන්වනු ලබන බව අන්තර්ජාලයේ සඳහන් කර ඇත. එමෙන්ම මත්ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ ඔස්තාද්ලා අන්තර්ජාලයෙන් බලා කියවා මෙවැනි නම්වලින් ඒවා අඳුන්වන බව උගන්වති. දේශනා පවත්වතිග රූපසටහන් ආදියෙන් විස්තර කරතිග මුදල් නැති අපේ රටේ අයිස්කාරයන් මේවාට කියන්නේ සීතල හෝ සීතල කෑලි කියාය.

අයිස් භාවිතය අප රට තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට වූයේ පසුගිය වසර දහයක දොළහක කාලය තුළදී බව අප දනිමුග ඊට පෙර මද වශයෙන් කොළඹ සහ වෙනත් නගරාශ්‍රිත ප්‍රදේශවල මේවා මද වශයෙන් දකින්නට තිබුණි.

මේ වන විට අප රටේ පවත්වාගෙන යන සෑම මත් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකම නේවාසිකව ප්‍රතිකාර ලබන බහුතරයක් දෙනා අයිස් නමැති රසායනයට ඇබ්බැහිවූවන්ය. මේ අය වැඩිදෙනා නව යොවුන් වයසේ සහ තරුණ වියේ පසුවන අය වීම දැඩි කනස්සල්ලට කරුණකි.

මවිසින් පවත්වාගෙන යන මිතුරු සෙවණ මත් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් අප සාමාන්‍යයෙන් සේවය සපයන්නේ තරුණ හෝ නව යොවුන් මත්ලෝලීන්ට නොව ජීවිතයේ මැදි වයසට ආසන්න හෝ වැඩිහිටි තත්ත්වයේ සිටින මතට ඇබ්බැහිවූවන්ටය. අප මධ්‍යස්ථානය තුළ නේවාසිකව සේවය ලබන අයගෙන් වැඩිදෙනකු හෙරොයින්වලට පුරුදු වුණ අය වන අතර ඔවුන් සියලු දෙනාම අඩු වැඩි වශයෙන් අයිස් නමැති රසායනයත් භාවිතා කළ අයයි. මොවුන් සහ දිවයිනේ වෙසෙන තවත් දෙසීයකට අධික අයිස් ගසන්නන් සමග ගැඹුරින් කළ කේවල සිද්ධි අධ්‍යයනය (Case Studies) වලින් සහ සුළමුල සොයන තිර පරීක්ෂණ මෙන්ම තක්සේරුකරණ පරීක්ෂණ (Screening test and Assessments) වලින් අප නිරීක්ෂණය කළ ඔවුන් අයිස් බීමට හේතු මේවාය.

අයිස් භාවිතා කිරීමට හේතු

● මිථ්‍යා මතවලට මුලාවීමෙන්

(නිදි මරන්න පුළුවන් සහ සිත එක අරමුණකට ගන්න පුළුවන් යන මුසාව)

● අඩු මුදලකට වැඩි දුම් ප්‍රමාණයක් ආඝ්‍රාණය කළ හැකි නිසා

● හෙරොයින් භාවිත කරන ආකාරය සහ අයිස් භාවිතා කරන ආකාරය යන දෙකම එකම සමාන නිසා ඒ පුරුද්දට සහ ආසාවට

● හෙරොයින් භාවිතයෙන් ලබන විපාකයට වඩා වැඩි දෙයක් බලාපොරොත්තුවෙන්

● සමාජයේ සුලබව ඇති නිසා

තවදුරටත් ඔවුන් කියන දේ අප විග්‍රහ කළහොත් අයිස් යනු කිසිම වැඩකට නැති අමනෝඥ ක්‍රියාවකි. ඔවුන් එයට යොමුවුණේ මේ ගැන ඇති මිථ්‍යා මත විශ්වාසවලට මුලාවීම නිසා සහ ඒවා භාවිතා කරන ක්‍රමවේදයට ඇති ඇල්ම නිසාය.

නමුත් වෙනත් කිසිම මත්ද්‍රව්‍යයක් හෝ දුම්වැටියක් හෝ එතෙක් භාවිතා නොකළ තම මුල්ම මත් අත්දැකීම අයිස් කරගත් නවකයන් සියයකට අධික ප්‍රමාණයක් සමග කතා කරමින් ඔවුන්ගේ සුළමුල ද අප සෙවූ අතර ඔවුන් කියන්නේ ද අයිස් යනු කිසිම වැඩකට නැති පිරිහීම් සහ ජීවිත හානි පමණක් සිදුවන දෙයක් බවයි.

අයිස් නිසා ඇති වෙන කෙටි කාලීන ලක්ෂණ සහ හානි

● අධික හිස රුදාව

● නින්ද නොයාම නිසා ඇති වන තෙහෙට්ටුව

● දත් මිටි කෑම හෙවත් දත් කූරු කෑම

● උගුර කට වේලීම සහ දිව තුවාල වීම

● ආහාර අරුචිය සහ වතුර පවා බීමට නොහැකි බව

● දරුණු ලෙස ඇඟ පත කැසීම

● ඇඟිලි තුඩු සහ අත්ල පුපුරු ගැසීම

● මනස සහ සිතුවිලි වියවුල් වීම

● අධික කෝපය ඇතිවීම සහ සැක කිරීම

● ඇස් පෙනීම සහ කන් ඇසීම දුර්වලවීම

● කටහඬ විකෘතිවීම සහ ශබ්ද පාලනයේ වෙනස්කම්

අයිස් නිසා ඇතිවන දිගුකාලීන හානි

● තදබල ස්නායූ රෝග

● විවිධ මානසික රෝග (ට්‍රැක් අවුට් වීම)

● දිව, පෙණහළු, රුධිර නාළ සහ මොළය තුවාල වීම

● ඉහත අවයවවල පිළිකා ඇතිවීම

● චර්ම රෝග

● අධික කැසීම නිසා හමේ විශාල තුවාල ඇති වීම

● මුදල් සෙවීම සඳහා භයානක වැඩ කිරීම

● තමන්ට මෙන්ම අනුන්ටද ශාරීරික හානි සිදු කිරීම

● අන් අය ඝාතනය මෙන්ම සිය දිවි හානි කර ගැනීම

අද වන විට මත් සමාජයේ නොහොත් වීදි වෙළඳාමේ (Street business) විවිධ නාමවලින් අයිස් ප්‍රභේද දකින්නට ලැබේ.නාකොටි අයිස්, අහවල් පොලිසියේ හෝ අහවල් මහත්තයගේ අයිස්, බෝට්ටුවෙන් ගෙනාපු තෙත අයිස්, ඉන්දියන් අයිස්, ඇෆ්ගන් අයිස්, ඉරාන් අයිස්, ලෝකල් අයිස්, ගෙදර හදන අයිස් ඉන් කීපයකි.

පද්මෙගේ අයිස් සහ තංගල්ලේ අයිස්

අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූ අයගේ පෙර සහ පසු ඡායාරූප

කුමන පදනමක් මත කියනවාදැයි නොදන්නා මුත් තංගල්ලේ අයිස් සහ පද්මෙගේ අයිස් කියා ප්‍රභේදයන් දෙකක්ද වීදි සිල්ලර ව්‍යාපාරය තුළ දකින්නට ඇතග මේ වර්ග දෙකටම ඇති ඉල්ලුම ඉතා අඩුය. පාරිභෝගිකයා කියන්නේ පද්මෙගේ අයිස්වල සැර වැඩිය දුම අඩුය කියායි.

තංගල්ලේ අයිස් පිච්චෙනවා අඩුය. තෙත බරිත කළා වැඩි යයි කියා මතයක් ද ඇත.

කරුණු කෙසේ වෙතත් බොහෝ දෙනෙකු කියන්නේ මේ අයිස් යනු මෙත්ඇම්පිටමින් හෙවත් ක්‍රිස්ටල් මෙත් (Methamphetamine / Crystal Meth) නමැති රසායනය බවයි. මෙත්ඇම්පිටමින් යනු බටහිර ඖෂධවේදයේ එන රසායනික ඖෂධයක් බවත් එය
හයිපරැක්ටිව් හෙවත් අධික්‍රියාකාරි රෝගීන්ට (Hyperactive/ADHD)( විශේෂයෙන්ම එම තත්ත්වය ඇති දරුවන්ට) දෙන ඖෂධයක් බව මම මෙයට වසර විසි දෙකකට පෙර මත් දුර්භාවිත කළමනාකරණය පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගනිද්දී සහ එම විෂය පිළිබඳව තවත් ගැඹුරින් විදේශ විශ්වවිද්‍යාලවලින් සහ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවලදී ඉගෙනගෙන ඇත.

නමුත් පාරේ කුඩු තිප්පොළේ ගුබ්බෑයමේ විකුණන විවිධ ප්‍රභේදයේ අයිස් වර්ග මම කොතෙකුත් දැක පරීක්ෂා කොට ඇතත් අද වෙනතුරු මම එම මෙතැම්පිටමින් යන රසායනය ඇහැට දැක නොමැති අතර ඒවා දැකපු අයකු හමුවී ද නැත.

අද මත් ප්‍රතිකාර ක්ෂේත්‍රයේ ඔස්තාද්ලා සහ ප්‍රවීණයන් කියා ගන්නා අය මේ මෙත්ඇම්පිටමින් ගැන රූප සටහන් පෙන්වමින් කට උල්කරමින් උගන්වන අතර මා ඒ අය විසිදෙනකුගෙන් මේ මෙත් කියන දේ දැක තිබේදැයි ඇසූ විට ඔවුන් සියල්ලන්ගේ උත්තරය “අනේ නැහැ, අපිත් මේ කියන්නේ අපට එක එක අය උගන්නපුවා සහ අපි අන්තර්ජාලයෙන් කියවපුවා” බවයි. අප රටේ ප්‍රායෝගිකව සේවය කරන විවිධ මට්ටමේ වෛද්‍යවරුන් දහ දෙනකුගෙන් මම මෙත්ඇම්පිටමින් දැක තිබේද, ඒවා ටිකක් ගන්නේ කොහෙන්දැයි ඇසූ විට සාධනීය පිළිතුරක් නොලැබුණි. වැඩිදෙනෙක් කීවේ නොදන්නා බවයි. දෙදෙනෙක් අන්තර්ජාලයෙන් ගත් ස්ක්‍රීන් ෂොට් එවීය.

ඉරාන අයිස් ද ඇෆ්ගන් අයිස්ද තංගල්ලේ අයිස්ද පද්මෙගේ අයිස්ද නැත්නම් වෙන මොන අයිස්ද නොදනිමි. ඒත් අයිස් යයි කියමින් කුඩා සූකිරි කැබලි නොහොත් යූරියා පොහොර කැට වැනි සුදු සංඝටකයක් බිඳුණු බල්බයක දමා රත් කර උරන තරුණයන්ගේ මුත්‍රා සාම්පල තුනක් මම අප රටේ පිළිගත් රසායනාගාර දෙකකට යවා ලැබ් ටෙස්ට් කීපයක් කළ අතර ඒ හැම එකකින්ම ආ ප්‍රතිපලය වූයේ ‍මෙහි ඇම්පිටමීන් නැත” :

(Amphetamine negative)

මෙම අයිස් නමැති විනාශකාරී මායාවට තරුණ මහලු මත්ලෝලීන් මෙන්ම වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් සහ මත් ප්‍රතිකාර සපයන්නන්, දේශකයන්, සමාජ සමීක්ෂකයන්ද රැවටී ඇන්දී ඇති බව මට පෙනේ. එනිසා තවත් කරුණ රැගෙන ඉදිරියේදී ඔබ හමුවන අරමුණින් දැනට නවතිමි.

මිත්‍ර ශ්‍රී කරුණානායක
National Trainer in Addiction Science
Internationally Certified Addiction Professional

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here