මොන ආර්ථික, සමාජ ගැටළු තිබුණත් මනුෂ්‍යත්වයේ සන්නාමය අපි රටට අත්කර දෙනවා – ජනපති

0
2

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: කුමන ආර්ථික ගැටළු තිබුණත්,කුමන සමාජ ගැටළුවකට මුහුණ දුන්නත් මනුෂ්‍යත්වයෙන් පිරි රාජ්‍යය යන සන්නාමය ශ්‍රී ලංකාවට රැගෙන එන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (08) ජාතික ජන බලවේගයේ 2026 ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය අමතමින් අවධාරණය කළේය.

එම මනුෂ්‍යත්වයේ රාජ්‍ය තුළ දරුවන්, කාන්තාවන්, අවවරප්‍රසාදිත ජන කොටස්, විවිධ සංස්කෘතික කාරණා මත කොන්වූ ජන කොටස් ඇතුළු සියලු පාර්ශව වෙත සමානව සහකම්පනයෙන් සලකන බවයි ජනාධිපතිවරයා එහිදී පැවසුවේ.

”අපේ ආණ්ඩුව කවර ආණ්ඩුවක් ද? අපේ ආණ්ඩුව දේශීය වශයෙන් පමණක් නොවෙයි ජාත්‍යන්තර වශයෙන් වුවත් අපි ස්ථානගත විය යුත්තේ කොතැනද? අපි භූමියෙන් කුඩා රාජ්‍යයක්. ආර්ථිකයෙන් එතරම් විශාල ආර්ථිකයක් තිබෙන රාජ්‍යයක් නෙවෙයි. තාක්ෂණයෙන් දියුණු කරන ලද මහා ගිනි අවි සහිත රාජ්‍යයක් නොවෙයි. හැබැයි අපි මේ රට ගොඩනගනවා ලෝකයේ මනුෂ්‍යත්වයෙන් උඩින්ම ඉන්න රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත්කිරීම තමයි අපේ අපේක්ෂාව. ජාත්‍යන්තර ප්‍රශ්නයකදී ලෝකයේ ඇතිවන ඕනෑම ආරවුලක්, ඕනෑම ව්‍යවසනයක්, ඒ ව්‍යසනයේදී යුද්ධ කරගන්න අය ඉන්නවා,යුද්ධවලට සහය දෙන අය ඉන්නවා. යුද්ධ සඳහා ආශිර්වාද කරන අය ඉන්නවා. හැබැයි ජාතියක් ඉන්නවා ලෝකයේ යුද්ධයේදී මනුෂ්‍යත්වයේ කොඩිය ඉදිරියට ගත්තු ජාතියක්. ඒ තමයි ශ්‍රී ලන්කන් ජාතිය කියන පණිවිඩය අපි ලෝකයට ගෙනියනවා. ලෝකයේ දියුණු රටවල් තියෙනවා. ඒ රටවල්වල විශාල පහසුකම් තියෙනවා. විශාල පරිභෝජනවාදී ජීවිතයකට උරුමකම් කියනවා. හැබැයි අපි ලෝකය ස්ථානගත කරනවා මොන ආර්ථික ගැටළු තිබුණත් මොනම සමාජ ගැටලුවකට මුහුණ දුන්නත් මනුෂ්‍යත්වය පිරි සමාජයක් ජීවත් වෙන රට තමයි ශ්‍රී ලංකාව කියන සන්නාමය මේ රටට අපි ගේනවා.

මනුෂ්‍යත්වයේ ශ්‍රී ලංකාව නම් එතන තියෙන්න කොතනද දරුවන්ගේ විශේෂයෙන්ම කාන්තාවන්ගේ අවවරප්‍රසදිත ජන කණ්ඩයම් ,විවිධ සංස්කෘති අනුව කොන් වුණු කණ්ඩායමවලට භේදයකින් තොරව මනුෂ්‍යත්වයෙන් සහකම්පනයෙන් සලකන රාජ්‍යයක්. අන්න එහෙම රාජ්‍යයක් ගොඩනැගීමේ පියවරේදී තමයි අපි අපේ රටේ දරුවන් සහ කාන්තාවන් දෙස බලන්නේ.

මනුෂ්‍යත්වයේ රාජ්‍යයක කකාන්තාවට බස් එකේ යන්න විදිහක් නැති වෙන්න බැහැ. මනුෂ්‍යත්වයේ රාජ්‍යයක අපේ දැරිවියන් අනවරත දුෂණයට ලක්වීමේ ඉඩක් නැහැ. මනුෂ්‍යත්වයේ රාජ්‍යයක කාර්යාලයේ, නිවසේ ප්‍රචණ්ඩත්වයට අපේ කාන්තාවන් ගොදුරු විය යුතු නැහැ. මනුෂ්‍යත්වයේ රජයක් තුළ අපේ කාන්තාවන්ට අනාරක්ෂිත බව ගැන බියක් ඇති විය යුතු නැහැ.” යනුවෙන් ජනාධිපතිවරයා තවදුරටත් පවසන ලදී.

The post මොන ආර්ථික, සමාජ ගැටළු තිබුණත් මනුෂ්‍යත්වයේ සන්නාමය අපි රටට අත්කර දෙනවා – ජනපති appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here