මොනව කළත් වැඩක් නැහැ ෆිට් නැත්නම් සෙට් නැහැ – ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උද්ධාතය වෙයි

0
11

නිශ්මං රණසිංහ ,මාර්තු 29, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ශාරිරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ආරම්භ කර ඇති වැඩි පිළිවෙල ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව පැවසෙනවා.ඒ සඳහා කැඳවා තිබෙන පුහුණුකරුවන්ගේ උපදෙස් ඇතුව පසුගිය කාලයේ ශාරිරික යෝග්‍යතාවයේ මෙන්ම ශරීර හැඩයේ ද යම් ආකාරයක වෙනස්කමක් දකින්නට ලැබුණු පිරිස් මේ අලුත් එක් කිරීමත් සමඟ හොඳ අවබෝධයකින් සහ කැපවීමකින් වැඩ කරන බව ද දැන ගන්නට තිබෙනවා.

ඉතාමත් සුළු පිරිසක් මීට එරෙහිව යම් අලස ආකාරයකින් ක්‍රියා කරන්න උත්සාහ කළත්,අකමැත්තක් පෙන්වන බවක් පෙනෙන්නට තිබුණත්,ක්‍රීඩා පිටියේ සිඳුවන සියල්ලට තමන්ගේ සීමාව ඉක්මවා බැට කන්නට වන ක්‍රිකට් පරිපාලනය ක්‍රීඩකයන්ගේ හාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් දැඩි මතයකට පිවිස සිටිනවා.පරිපාලනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විශාල පිරිසක් දේශපාලනික මැදිහත්වීමකින් බලය ලබා ගැනීම සඳහා ගන යන ව්‍යාපාරවලදී ක්‍රිකට් කණ්ඩායමේ කටයුතු සම්බන්ධයෙන් ලබා දී තිබූ සියලු පහසුකම්වලට පිටතින් ඔවුන්ගේ තත්ත්ව කළමණාකරනයට මැදිහත් වීමේ තිබුණු සීමාව ඉක්මවමින් මේ වන විට පරිපාලනය ඒ සම්බන්ධයෙන් සෘජු මැදිහත්වීමක් කරමින් සිටින බව ද දකින්නට තිබෙනවා.

මේ වන විටත් ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියට ශාරිරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් ගැටළු නැතැයි සහතික වාර්තාවක් දීම ශ්‍රී ලංකා ක්‍රීකට් විසින් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම ප්‍රතික්ෂේප කර තිබෙනවා.ඒ අතර වනිදු හසරංග,මතීෂ පතිරණ,ඒෂාන් මාලිංග සහ නුවන් තුෂාර ද සිටින්නේ ඔවුන් ශාරිරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමට හැකි මට්ටමෙන් පරීක්ෂණයේදී කටයුතු නොකළ නිසයි.

දැන් මේ තත්ත්වය මත මොනව කළත් වැඩක් නැහැ ෆිට් නැත්නම් සෙට් නැහැ කියන උද්ධෘතය ක්‍රීඩකයින් නිතර කතා වෙන තරමට ශාරිරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වැඩ පිළිවෙල ක්‍රීඩකයින්ව අනුගව අවබෝධයෙන් සහ එකඟතාවයෙන් කටයුතු කරන බව වාර්තා වෙනවා.මේ තත්ත්වය මත මේ වන විටත් ඇතැම් ක්‍රීඩකයන්ගේ ශරීර හැඩය පවා වෙනස් වී කිලෝ තුන හතර බර මට්ටම අඩු කර ගත් ක්‍රීඩකයන්ද සිටින බව එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

The post මොනව කළත් වැඩක් නැහැ ෆිට් නැත්නම් සෙට් නැහැ – ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උද්ධාතය වෙයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here