අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු දෙවැනි වෙඩික්කරු සමග සිටි අනෙකුත් පුද්ගලයින් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ අනුව අදාළ සැකකරුවන් එළැඹෙන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ මෙම ද්විත්ව ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පැදවූ පුද්ගලයා සහ මෙම සැකකරුවන්ට නවාතැන් පහසුකම් ලබා දුන් පුද්ගලයාය.
Saru News













