Parenting.lk අපේ වෙබ් අඩවියට බොහොමයක් මාතෘකා පිළිබඳ සාකච්ඡා කොට ලිපි ඵල කරන මෙන් එවන ඉල්ලීම් අතරේ මෙන්න මේ තත්ත්වය ගැනත් දැනුවත් කරන මෙන් සඳහන් වී තිබුණා. මෙය ඉතාම කලාතුරකින් එනම් මව්වරුන් දසදහසකින් එක් අයෙකුට පමණ ප්‍රතිශතකින් ඉතා කලාතුරකින් සිදුවි හැකි තත්ත්වයක් වුවත් ඒ ගැන නිරවද්‍ය තොරතුරු විමසා දැනුම බොදා ගත යුතු බව අපි තීරණය කළා.
අම්මාගේ කුසේ වැඩෙන පුංචි දරු පැටියෙක් වටා උල්බ තරලය නමින් හඳුන්වන තරලයක් ඇති බව අපි කවුරුත් දන්නවා. උල්බ තරලය හෝ දරුවාගේ එහෙමත් නැතිනම් භ්‍රෑණයාගේ කොටස් (Fetal materials) මවගේ රුධිර සංසරණයට එකතු වීම තමයි මෙන්න මේ තත්ත්වය විදියට හඳුන්වන්නේ. බොහෝ විට මේ තත්ත්වයට හේතු විදියට දැක්විය හැක්කේ භ‍්‍රෑණ පටල ඉරී යාමයි. මෙසේ එක්වන කොටස් මගින් ආසාත්මික ප‍්‍රතික‍්‍රියාවක් (Allergic reaction) ඇති විය හැකි අතරම එය මව හා දරුවා එකවර අඩපණ (අභිපාත) තත්ත්වයකට (Collapse) පත්වීමට හේතු විය හැකියි. මෙම තත්ත්වය බලාපොරොත්තු නොවන අවස්ථාවක එකවරම ඇති විය හැකි තත්ත්වයක් වන අතරම මවගේ හා දරුවාගේ ජීවිත තර්ජනයට ලක්කළ හැකි (ජීවිතය අහිමි වූයේ මේ තත්ත්ව මත බව ස්ථිරව නිගමනය කළ හැකි වන්නේ මරණ පරීක්ෂණයේ වාර්තාවට අනුව පමණි) තත්ත්වයකි. එසේ වුවද මෙය බොහෝ විට උපතේදී හෝ උපතින් පසු ක්ෂණිකව ඇති විය හැක.
මෙම තත්ත්වයේදී අවස්ථා දෙකකදී ප‍්‍රතිචාර ඇති වේ.
මෙහිදී වේගයෙන් ස්වසන අකරණීය (Respiratory failure) ඇති වී එමගින් හෘදය (Cardiac arrest) ඇණ හිටීම හෝ අපරාව ගර්භාෂයට සම්බන්ධ වී ඇති ස්ථානයෙන් හෝ සිසේරියන් ශල්‍යකර්මය කළ විවරය තුළින් රුධිරය විදිමින් වහනය වීම හෝ විය හැකියි. මෙම තත්ත්වය DIC එනම් Disseminated Intravascular Coagulation (මින් අදහස් වන්නේ ශරීරය පුරාම රුධිර කැටි ඇති වී එමගින් කුඩා රුධිර වාහිනී අවහිර වී රුධිර සංසරණය අවහිර කිරීමයි) දක්වා වර්ධනය වේ.
Amniotic Fluid Embolism (AFE) හේතූ
ආසන්නතම හේතූ
උදා: සිසේරියන් ශල්‍යකර්ම
Forcep delivery (අඩු ප‍්‍රසවය)
Vaccum delivery (රික්ත ප‍්‍රසවය)
Amniotic Fluid Embolism (AFE) තත්ත්වයේදී පෙන්නුම් කරන ලක්ෂණ
පූර්ව ලක්‍ෂණ
මෙම ලක්‍ෂණ වර්ධනය වීමෙන් මවගේ
මෙහිදී ජීවිත තර්ජන ගැටලු ඇති වන්නේ රුධිර කැටි ඇති වීමත් සමගමය. ගබ්සාවකදී (caption) වුවද ඉතා කලාතුරකින් මෙම තත්ත්වය ඇති විය හැක.
Amniotic Fluid Embolism (AFE) තත්ත්වයට අවදානම් සාධක
Amniotic Fluid Embolism (AFE) තත්ත්වයෙන් පසු ඇති විය හැකි සංකූලතා
මවට ඇති විය හැකි ආබාධ තත්ත්ව
දරුවාට ඇති විය හැකි ආබාධ තත්ත්ව
මොළයට ඇතිවන අනතුරක් හෝ ගැටලුවක් නිසා ප‍්‍රමාණවත් රුධිරය ඔක්සිජන් හා අනෙක් පෝෂක මොළයට නොලැබීයාමෙන් ඇති වේ.මෙය උපතට පෙර, උපතේදී හෝ ඉපදී මුල් අවුරුදු 2-3 අතර කාලයේදි ඇති විය හැක.
මවට හා දරුවාට දෙදෙනාටම ඇති විය හැකි වෛද්‍යමය තත්ත්ව
බොහෝ විට මෙම තත්ත්ව මානසික ගැටලු වන අතරම මෙවැනි තත්ත්වයකදී මානසික ප‍්‍රතිකාර අවශ්‍ය වේ.
Saru FM Media