ලොව දැනට බහුල මන්ද මානසික තත්ත්වය විදියට හැඳින්විය හැකි ඩවුන්ස් සහ ලක්ෂණය ජානමය ගැටලුකාරී තත්ත්වයක් මත ඇති වන මන්ද මානසික තත්ත්වයක් විදියට හඳුන්වන්න පුළුවන්. කලලය විකසනය වන අවස්ථාවේදී වර්ණ දේහ වැඩි හෝ අඩු වශයෙන් බෙදීම මෙයට හේතු වෙනවා.
ශුක්‍රාණු හා ඩිම්බ දෙමාපියන්ගේ ශරීර තුළ නිපදවීමේදී ඇති වන දෝෂයක් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතී. ඩවුන්ස් සහ ලක්ෂණ තත්ත්වයේදී මෙසේ සිදුවන්නේ 21 වන වර්ණ දේහය (Trisomi 21) සම්බන්ධවයි.
මෙවැනි දරුවන්ගේ මානසික සංවර්ධනය පහළ මට්ටමක් ගන්නා නිසා මොවුන් වයස අවුරුදු පහලොවක් විස්සක් වුවත් ඔවුන්නේ මානසික ක්‍රියාකාරීත්වය වයස අවුරුදු පහක පමණ දරුවෙකුගේ ආකාරයක් ගන්නවා.
ඩවුන්ස් සහ ලක්ෂණයට පත් වූ දරුවන්ට යමක් ඉගෙනීමේ ඇති නොහැකියාව (learning difficulties ) මූලිකව ඇති නමුත් සෞන්දර්ය විෂයයන් කෙරේ දැඩි ඇල්ම මෙන්ම හැකියාවකින්ද (නිරෝගී දරුවෙකු හා සමානවම නොවේ) යුක්තයි.
ඩවුන්ස් සහ ලක්ෂණය ඇති දරුවෙකු පෙන්නුම් කරන ලක්‍ෂණ
ඩවුන්ස් සහ ලක්ෂණ තත්ත්වයට පත් වූ දරුවෙකුට ඇති විය හැකි වෙනත් ආබාධ මොනවාද?
මානසික ආබාධ තත්ත්වයට අමතරව තවත් කායිත රෝග තත්ත්වයන්ද මෙවැනි දරුවන් පෙන්නුම් කරනවා.
ඩවුන්ස් සහලක්ෂණය සහිත දරුවෙක් ඉපදීමට අවදානම ඇත්තේ කුමන තත්ත්වවල සිටින මව්වරුන්ටද?
ගැබිනි මවකට ලැබෙන්න ඉන්න දරුවා ඩවුන්ස් සහ ලක්ෂණය සහිත දරුවෙකුද යන්න ප්‍රසූතියට පෙර දැනගන්න හැකියාවක් නැද්ද?
මේ සඳහා අද වන විට NIPT රුධිර පරීක්ෂණය ලංකාවේදීත් සිදු කෙරෙනවා. ඒ හරහා මේ තත්ත්වය හඳුනා ගැනීමට විශාල හැකියාවක් තියෙනවා. ඒ වගේම NIPT පරීක්ෂණය තරම් නොවණත් NT ස්කෑන් පරීක්ෂණය හරහාත් යම්තාක් දුරකට මෙවැනි තත්ත්වයන්ට ඇති අවධානම හඳුනා ගත හැකියි.
කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ, වෛද්‍ය ටිරාන් ඩයස් මහතා සමග සැකසූ ලිපියකි.
Saru FM Media