ඇතැම් දරුවන්ගේ ප්‍රචණ්ඩ හැසිරීම් දැක්කම අම්මා තාත්තා කියන්නේ මේ ළමයි න්ට කාගේ ආරයක් ගිහින්ද දන්නේ නැහැ කියලයි. දරුවන් පස් දෙනෙක් ගත්තොත් පස් දෙනා පස් විදිහක්. එක අම්මාගේ බඩවැල කඩා ගෙන උපන් දරුවන් අතර වුනත් ප්‍රචණ්ඩ හැසිරීම් දකින්න පුලුවන්. බොහෝ විට මෙම ගති ලක්ෂණ උත්පත්තියෙන් පිහිටියත් දරුවන්ගේ ප්‍රචන්ඩත්වය සඳහා බලපාන හේතු නැතුවාමත් නොවෙයි.
බැලු බැල්මට අම්මා තාත්තා හිතන්නේ දරුවා කියන්නේ කිසිම දෙයක් තේරුම් ගත නොහැකි බොළඳ චරිතයක් විදිහටයි. ඒත් දරුවන් තමන්ගේ පවුල වෙතින් බොහෝ දේ අවශෝෂනය කර ගන්නවා. ඒ අතර හොඳ වගේම නරකත් තියෙනවා. දරුවා ඉදිරියේ නිතරම ගැටුම්කාරී පරිසරයක් තිබෙන විට දරුවා නොදැනම ඒ පැත්තට දක්වන නැඹුරුතාවය බහුලයි.මේ නිසා නිතරම ඔබ දරුවා ඉදිරියේ ඔවුන්ට ජීවත් වීමට සුදුසු පරිසරයක් ගොඩ නැගිය යුතුයි. ඇතැම් අම්මා තාත්තා නිතරම අහල පහල නිවෙස් සමග ඇති කර ගන්නා ගැටුම් නිසා දරුවන්ද අනාගතයේදී ඒ අනුව කටයුතු කරනවා. සාමය හොඳ දෙයක් විදිහට ඔවුන් දකින්නේම නැහැ. මේ නිසා දෙමව්පියන් විදිහට ඔබ මුලින්ම දරුවාට ජීවත් වීමට සුදුසු ඔහුගේ මනසට යෝග්‍ය පරිසරයක් නිර්මානය කළ යුතුයි.
සමාජයේ තිබෙන කුඩාම ඒකකය පවුලයි. පවුල වෙතින් දරුවා ලබන ආභාෂය සහ අත්දැකීම් සමග ඔහු අනාගතයේදී සමාජයට ගමන් කරනවා. අම්මා තාත්තා විතරක් නොවෙයි. ඇතැම් නිවෙස්වල අත්තම්මා , සීයා, නැන්දා ,මාමා, පුංචි අම්මා සහ බාප්පා වැනි සහලේ ඥාතින්ද එකට වාසය කරනවා. මේ වගේ සිටින විට ඇති වෙන නිරන්තර ගැටුම් නොදැනම අනාගතයේදී දරුවාගේ ප්‍රචන්ඩත්වයට බලපානවා. එක පන්සලේ වැඩ ඉන්න හාමුදුරුවරු අතර පවා මතභේද ඇති වෙන එක වලක්වන්න බැහැ. මේ තත්වය සාමාන්‍ය වුනත් දරුවාගේ මානසිකත්වයට ඇති කරන බලපෑම ඉතාම ඉහලයි. ඒ නිසා විවාහයෙන් පසුව තමන්ගේම නිවසක ජීවත් වෙනවා නම් මතබේද සහ ගැටුම් නිසා ඇති වෙන පරිසරයේ පීඩාවන්ගෙන් දරුවා නිදහස් වෙනවා. මේ නිසා දරුවාගේ ප්‍රචණ්ඩත්වයට ඉබේටම නැවතුමක් ලැබෙනවා.
බොහෝ දොනාගේ අදහස වී තිබෙන්නේ දරුවන්ට කන්න බොන්න දෙනවා නම් අතපය නොකඩා හදනවා නම් එයින් ඔබ්බට මොනවාද තව අවශ්‍ය යන්නයි. ඒත් දරුවන්ගේ මනසටත් ආහාර අවශ්‍යයි. ඒ ආහාරය ආදරය කිව්වොත් වරදක් නැහැ. ආදරය නොලැබෙන දරුවා තමන්ට අවධානය ලබා ගැනීමට දරණ උත්සාහය නිසා අනවශ්‍ය ප්‍රචණ්ඩත්වයක් ඔහු වෙතින් දැක ගන්නට ලැබෙනවා. තමාට ආදාරය නැතැයි යන ආත්මීය පසුබැස්ම සමග ඔහුගේ හැසිරීම තුල ප්‍රචන්ඩත්වයක් ඉබේටම ඇති වෙනවා. මේ නිසා දරුවන් ඇති අම්මලා තාත්තලාට දරුවන් වෙනුවෙන් ඔබ ආදරේය යන සහතිකය ඔවුන්ගේ හිතෙන්ම සෑහීමට පත් වුනොත් එයින් ඔබ්බට නැවත සිතන්න දෙයක් ඉතිරිව නැහැ.
ආගම දහම කුමකටද යැයි කෙනෙක් නගන පැනයට මෙතැන පිලිතුර ටනාදැනම ලැබෙනවා. ස්වයං හික්මීමක් නැති තැන ඇත්තටම දකින්නට ලැබෙන්නේ වනචාරී ගති පැවැතුම්. පුද්ගලයන්ගේ හික්මීම ගොඩ නගන්නේ ආගමක් මගින් බව අමතක කළ යුතු නැහැ. හැම ආගමක් මගින්ම දරුවන්ට උගන්වන්නේ හික්මීමයි. එවිට සමාජයේ ජිවත් වෙන කලාව ඔවුන් නොදැනම ලබා ගන්නවා. ප්‍රචන්ඩත්වය එතැනදී නොදැනම හික්මීම බවට පත් වෙනවා.
දරුවා ඉතා ඉක්මනින් බාහිර ලෝකයේ දේ ග්‍රහනය කර ගන්නවා. මේ අතර විද්්‍යුත් මාධ්‍ය ඉතා ප්‍රබලයි. කාටුන් නිසා දරුවන් නොමගට ඇදෙනවා කිව්වට කාටුන් මගින් මවන චරිත වෙතින් යහ ගුණ ගොඩ නගන්නත් පුළුවන්.කාටුන් කලාවෙන් දරුවන් ප්‍රචන්ඩත්වයට පත් වුනාය යන්නට චෝදනා බොහොම තිබෙනවා. නයිජීරියාව වතාවක් කියා සිටියේ ස්කුබි ඩූ වැනි චරිත නිසා එරට දරුවන්ගේ ගති පැවැතුම් වෙනස් වුන බවයි. හැරී පෝටර් කතා මාලාව අලෙවි වාර්තා තැබුවත් වත්වක ඔස්ට්‍රෙිලියාව විසින් මෙම නවකතා පෙළ එරට අලෙවියට තහනම් නියෝග පනවනු ලැබුවා. පාසල් දරුවන් අතර හැරී පෝටර් ආදේශ කර ගැනීම නිසා ඇති වී තිබෙන තත්වය පාසල් දරුවෙකුට නොගැලපෙන බවට චෝදනා නැගුනා.ඒ වගේම ජිහාඩ් ජෝන් විසින් රඳවා ගත් පුද්ගලයන්ගේ ගෙල සිඳින රූප දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම සමග දරුවන් ඒවා අනුකරණය කරමින් ක්‍රීඩාවන් කරන්නට පටන් ගත් බවට ලෝකයේම චෝදනාවන් නැගුනා. එයින් පෙනී යන්නේ දරුවන් ඉතා ඉක්මනින් ප්‍රචණ්ඩකාරිත්වය වැලඳ ගන්නා බවයි.
දරුවන්ගේ හිතට නිතරම ඔබ ඇතුලත් කළ යුතු සංකල්පය වන්නේ හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳි යන සංකල්පයයි. ඒ අදහස මත පිහිටා දරුවා එහි ආකෘතියක් විය යුතු බව නිතරම සඳහන් කරන අතරම යහ ගුණ වගාවට ඇවැසි පරිසරය ගොඩ නගන්න. ප්‍රචණ්ඩත්වයට ආයුෂ නොමැති බව පෙන්වා දෙන අතරවාරයේදීම එහි ආදිනව පහදා දෙන්න. ඔබ විසින් නිතරම සුචරිතයේ ගුණ ගායනා කරන විට දරුවාද එය අනුකරණයට නොදැනම පත් වෙනු ඇත.
දරුවෙක් ළමා වයසට ඔරොත්තු නොදෙන අන්දමින් තමන්ගේ හැසිරීමෙන් ප්‍රචන්ඩ ගති පැවැතුම් පෙන්වනවා නම් මානසික රෝග තත්වයක් තරමටම ආදිනව ප්‍රබල විය හැක. එබැවින් එබේ දරුවා වෙතින එවන් තත්වයක් ප්‍රදර්ශනය වෙනවා නම් මානසික රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥයෙක් වෙතින් උපදෙස් ලබා ගැනීමත් අවශ්‍යයි.
Saru FM Media