මේ වසරේ (2025) ශ්‍රී ලංකාවට පැමිණි විසි ලක්ෂවැනි සංචාරකයා ඊයේ (17දා) පස්වරු 1.30ට ශ්‍රී ලංකාවට පැමිණියේය.
කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඔවුන්ට ඊයේ උණුසුම් ලෙස පිළිගැනීමක් ද හිමිවුණි. විසි ලක්ෂවන සංචාරකයා වීමේ සුවිශේෂී අවස්ථාව ලැබූවේ නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රංශ යුවළක් වන රෆායෙල් කැරොන් මහතා සහ ක්ලෙයාර් චාලට් මහත්මියයි. එංගලන්තයේ ලන්ඩන් නුවර සිට පැමිණි යූ.එල්- 504 දරන ශ්‍රීලන්කන් ගුවන් යානයේ ඔවුන් ඊයේ දවල් මෙරටට පැමිණ තිබුණි.
එම දෙදෙනා ප්‍රංශයේ පැරිස් නුවර පදිංචිකරුවන් වන අතර, සති දෙකක කාලයක් මෙරට රැඳී සිටීමට නියමිතය.
මෙම යුවළ පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ උසස් නිලධාරීහු පිරිසක් මෙන්ම සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ උසස් නිලධාරීහු පිරිසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත සහ ටී. කේ. ජී. කපිල
Saru FM Media









