මේ වසරේ වැටුප් වැඩි කිරීමට පමණක් රු.බි 220ක් අමතරව වැය වෙයි

0
10

වෛද්‍ය ඇතුළු සමස්ත රාජ්‍ය සේවයට 2026 වසරේ ලබාදුන් මූලික වැටුප් වැඩි කිරීමට රුපියල් බිලියන 220ක අමතර මුදලක් වැය කිරීමට රජයට සිදුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

වසර 2027දී ඒ සඳහා රුපියල් බිලියන 330ක් වැය වෙන බවද අමාත්‍යවරයා අනාවරණය කළේය.

“අපි වෛද්‍යවරුන් ඇතුළු රටේ සමස්ත රාජ්‍ය සේවකයන්ට මේ මාසයේදීත් මූලික වැටුප් වැඩිවීමක් කරලා තියෙනවා.”

“මේ මූලික වැටුප් වැඩි කිරීමට පමණක් මේ අවුරුද්දේ විතරක් රුපියල් බිලියන 220ක් යනවා.”

“2025 වසරේ රුපියල් බිලියන 110ක් ගියා. මේ අවුරුද්දේ රුපියල් බිලියන 220ක් යනවා. 2027දී රුපියල් බිලියන 330ක් යනවා. මේ යන්නේ සමස්ත වැටුප්වලට නෙමෙයි. මේ වැටුප් වැඩි කිරීමට පමණක්. එතකොට මේක වැටුපට එකතු වෙනවා නේ.”

“ඒ වැඩි වුණු මූලික වැටුප..ජනවාරි මාසයේත් වැඩිපුර ලැබුණා. ඒ මූලික වැටුපට අදාළව අතිකාල වැඩි වෙනවා. අමතර අතිකාල දීමනා වැඩි වෙනවා. නිවාඩු දින දීමනා වැඩි වෙනවා. මේවා කරන්න පුළුවන් වෙන්නේ රටේ තිබෙන ආර්ථික තත්ත්වයට සාපේක්ෂව.”

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here