මේ වසරේ දෙවැනි කාර්තුවේ සියයට 4.9ක ආර්ථික වර්ධනයක්

0
6

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වසරේ (2025) දෙවන කාර්තුවේදී සියයට 4.9කින් වර්ධනය වී ඇත.

මේ අනුව 2024 වසරේ දෙවන කාර්තුවේ ස්ථාවර මිල ගණන් යටතේ රු. මිලියන 2749504ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේ (2025) දෙවන කාර්තුවේදී රු. මිලියන 2883559ක් දක්වා වර්ධනය වී ඇත.

එසේම 2025 දෙවන කාර්තුවේදී කෘෂිකාර්මික අංශය සියයට 2කින් ද කාර්මික අංශය සියයට 5.8කින් සහ සේවා අංශය සියයට 3.9කින් ද වර්ධනයන් වාර්තා කර තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (15) නවතම වාර්තාවක් මගින් මේ තොරතුරු ප්‍රකාශයට පත් කළේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here