මේ මාස ටිකට කෝටි 1150ක කුඩු අල්ලලා! Sri Lanka Latest News

0
8


පසුගිය ජනවාරි 01 දා සිට මේ දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාව මුහුදු මාර්ගවල සහ ගොඩබිම් මාර්ගවලදී සිදුකළ හදිසි මෙහෙයුම්වලදී නීති විරෝධීව රට තුළට ගෙන ඒමට තැත්කළ වටිනාකම රුපියල් මිලියන 11,500කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගෙන ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා ‘මව්රට’ට පැවැසීය. Sri Lanka Latest News

එම වැටලීම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 190කට අධික තොගයක්ද, කේරළ ගංජා කිලෝග්‍රෑම් 903ක්ද, අයිස් කිලෝග්‍රෑම් 670ක්ද, හෂීස් කිලෝග්‍රෑම් 19.03ක්ද, මත් පෙති 23,000ක්ද මේ දක්වා අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර, පසුගියදා වත්තල ප්‍රදේශයේදී හෙරොයින් සහ අයිස් කිලෝග්‍රෑම් 863ක තොගයක්ද මුහුදේදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව ඇති බව සඳහන්ය.
ජාත්‍යන්තර මුහුදු මාර්ග හරහා ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වන සැකකටයුතු බහුදින යාත්‍රා හදිසි පරීක්ෂාවට ලක්කිරීම සඳහා නාවික ජංගම මුර යාත්‍රා සේවාව මෙන්ම ඩිංගි යාත්‍රා මෙහෙයුම් කටයුතුද වැඩිකර ඇති බව නාවික හමුදාව පැවැසීය.

ප්‍රේමලාල් විජේරත්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here