මේ පාර මැයි රැලිවලදී අමුතු දේවල් ගොඩක්! බැසිල් කරපු දේ මාලිමාව අතට ගනී! මාලිමාව කරපු දේ පෙරටුගාමීන් අතට ගනී! I Sri Lanka Latest News

0
3


මෙවර මැයි දිනයේදී දේශපාලන පක්ෂ විසින් පවත්වනු ලබන මැයි රැලි සදහා ස්ථානයන් වෙන් කර ගැනීමේදී සිදුව ඇති විශේෂ සිදුවීම් කිහිපයක් දැකගන්නට ඇත. Sri Lanka Latest News

ඉන් පළමුවැන්න වන්නේ බලය හොබවන මාලිමාව මෙවර සිය මැයි රැලිය සදහා මෙතෙක් භාවිත කළ බීආර්සී පිටිය වෙනුවට ගෝල්ෆේස් පිටිය තෝරාගෙන තිබීමය.

ගෝල්ෆේස් පිටිය මෑතකාලයේදී මැයි රැලි සදහා භාවිත කිරීමට පියවර ගෙන තිබුණේ බැසිල් රාජපක්ෂ විසිනි. ඒ, පොහොට්ටුවේ මැයි රැලිය පැවැත්වීම සදහාය.

නමුත් අරගලයෙන් පසු රනිල් වික්‍රමසිංහ රජය දේශපාලන ක්‍රියාකාරකම් සදහා ගෝල්ෆේස් පිටිය භාවිත කිරීම තහනම් කොට තිබිණ.

කෙසේවෙතත් වත්මන් මාලිමා ආණ්ඩුව එම තහනම ඉවත් කොට පළමු වරට මැයි රැලිය පැවැත්වීම සදහා ගෝල්ෆේස් පිටිය වෙන් කර ගැනීමට පියවර ‌ගෙන ඇත.

එසේ මාලිමාව බීආර්සී පිටිය වෙනුවට ගෝල්ෆේස් පිටිය තෝරා ගනිද්දී ජවිපෙන් කැඩී ගිය කොටසක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය බී.ආර්.සී. පිටිය සිය මැයි රැලිය සදහා ලබා ගැනීමට කටයුතු කොට තිබේ.

එමෙන්ම පොහොට්ටුව මෙවර මැයි රැලිය පැවැත්වීම සදහා තෝරාගෙන ඇත්තේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රඟපීඨයය.

මේ අයුරින් ප්‍රධාන පක්ෂ කිහිපයක් කොළඹ මැයි රැලි පවත්වද්දී ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සිය මැයි රැලිය තලවකැලේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.

එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි රැලියක් පවත්වන්නේ නැත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here