ඔබ කාර්යාලයක නම් බොහෝ දුරට එය ඔබ වැඩිම කාලයක් ඔබේ නිවසෙන් පිටත ගතකරන කාලය විය හැක. අනිවාර්යයෙන්ම එතැන ඔබට දෙවැනි නිවස බවට පත් වෙමින් තිබෙනවා ඇති. Office එකට සහ එහි සහෝදර කාර්යමණ්ඩලයට පුරුදුවීම ඉතාම හොඳයි. නමුත් පරිස්සම් නොවුනොත් මොනවගේ ගැටළු මතුවෙයිද දන්නෙ නැති නිසා මෙන්න මේ කරුණු ගැන අවධානය යොමුකරන්න
හතන්නෙ නැතිව කතාකිරීමට හෝ ඕපාදූප කතාකිරීමට කාර්යාලය කොහෙත්ම සුදුසු තැනක් නොවේ. හිතල බලල කතාකරන්න.
ඔබගේ සියලු කාර්යාල බඩු බාහිරාදිය පමණක් නොව අන් අයගේ වැඩකටයුතු සඳහා හිසපෙවීමත් පුද්ගලික අවකාශය උල්ලංඝනය කිරීමට අයත්.
දේශපාලනය මත පදනම් වූ අදහස් පලකිරීමෙන් වළකින්න. වැඩි දේශපාලන කතා දබරයට මුල විය හැත.
ඔබගේ රැකියාවට social media ඇතුළත් නම් මිස හෝ එය රැකියාව හා සම්බන්ධ නම් මිස දිවා විවේකය තෙක් ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයෙන් ඈත්වී සිටින්න. ඔබේ මල්ලේ හෝ ලාච්චුවේ එය තබා ගැනීමෙන් දුරකථනය අතට ගැනීමට ඇති පෙලඹීම මගහැරගන්න පුළුවන.
ලෙඩ වීම ගැන හෝ කාර්යාලයෙන් පිටත interview එකක් තිබීම ආදී ලොක් බොරුවක් කීමෙන් තාක්ෂණය දියුණු මෙවැනි කළක කොහෙත්ම සුදුසු නැහැ. ඔබ කෙරෙහි ඇති විශ්වාසය බිඳීමට හේතු විය හැක.
නිතරම උස් හඬින් කතා කිරීමෙන් ඔබ සෙසු සේවකයන්ගේ රාජකාරියට බාධාවක් විය හැක.
එක් එක් කාර්යාලවල එයටම අවේණික අලිඛිත නීති රීති ඇත. අනවශ්‍ය ලෙස තනිවම සිටීමත් සුදුසු නොවන නිසා ඔබේ සීමාව දැනගෙන කාර්යාලයේ සතුටින් රාජකාරියේ යෙදෙන්න.
– කල්හාරී –
Saru FM Media