කොරෝනා වසංගතයත් සමඟ පැතිර යන විවිධ අතුරු රෝගී තත්ත්වයන් ද සමාජ ගත වෙමින් තියනවා. ඒ අතර අසල්වැසි ඉන්දියාවත් මේ කොරෝනා වසංගතයට සීඝ්‍රයෙන් ගොදුරු වී ඉන්න සමයක ඒ හා බැඳුණු කළු දිලීර රෝගී තත්ත්වයක් පිළිබඳ වාර්තාවීම තුළ අපේ රටේ ද මේ පිළිබඳ තැති ගැන්මක් ඇතිවීමට පටන්ගත්තා. විශේෂයෙන් අම්පාර ප්‍රදේශයේ කළු දිලීර ආසාදිතයකු යැයි සැක කෙරෙන රෝගියකු හමුවීමත් සමඟයි.
ඉතින් මේ රෝගය ගැන වැඩිදුර දැනුවත් වෙන්න අපි ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීරවේදී දෙපාර්තමේන්තුවේ දිලීරවේදී ප්‍රධානි, දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය සමග සාකච්ඡා කර ඔබ වෙනුවෙන් සැකසූ ලිපියක් තමා මේ.
කළු දිලීර නැත්නම් Mucomycosis නමින් හඳුන්වන Zugomycepes කියන දිලීර කාණ්ඩයට අයත්වන රෝග තත්ත්වයක්.
අසල්වැසි රට වන ඉන්දියාවෙන් මෙරටට සම්ප්‍රේෂණය වුවා යැයි කතා බහට ලක් වුණාට මේ දිලීරය වර්ධනය වීමට අවශ්‍ය සියලුම දේශගුණික හා පරිසර සාධක අපේ රට තුළ තියනවා. ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය වගේම වෛද්‍යවරුන්ට මේ රෝගී තත්ත්වය අලුත් නැහැ. උදාහරණයක් කිව්වොත් 2019 වසරේ දී මුලින්ම කළු දිලීර රෝගීන් 42ක් අපේ රටින් වාර්තා වෙලා තියනවා. ඒ වගේම 2020 වසරේ දී රෝගීන් 24කුත් 2021 ඒ කිව්වේ මේ වසරේ දී කළු දිලීර රෝගීන් 24 දෙනෙක් දක්වා වර්ධනය වෙලා තියනවා. විශේෂත්වය තමයි මේ රෝගීන් කොරෝනා ආසාධනය වී නොමැති බවට වාර්තා වීම.
එහෙම බැලුවාම මේ කළු දිලීර රෝගය කියන්නෙ අපේ රට තුළ තියන ඉතා සාමාන්‍ය දිලීර ආසාධනයක්. මෙය විශේෂයෙන් පස ආශ්‍රීතව නිදහස්ව වැඩි වන දිලීර රෝගයක්.
විශේෂයෙන් පුද්ගලයකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල නම් මේ දිලිරය ආසාදනයට පහසුවෙන් ගොදුරු වෙන්න පුළුවන්. අපට ඕන තරම් එහෙම රෝගීන් හමුවෙලා තියනවා.
රුධිරයේ සීනි මට්ටම නිවැරදි ආකාරයෙන් පාලනය නොකළ දියවැඩියා රෝගීන්,
ඒ වගේම පිළිකා රෝග තත්ත්ව සඳහා කිමෝ ප්‍රතිකාර ලබා ගන්නා අය,
දිගු කාලීන වකුගඩු රෝගීන් වගේම අවයව බද්ධ කළ පුද්ගලයන්
ඇතුළු නිදන්ගත රෝග වලින් පෙළෙන පුද්ගලයන්ට මේ රෝගය වැළදීමේ ප්‍රවණතාවය වැඩියි.
විශේෂයෙන් ප්‍රතිශක්තිකරණය හීන රෝගීන් පස සම්බන්ධව කරන කටයුතු වලින් වැළකීම නුවණට හුරුයි.
රෝගය අපේ සිරුරට ඇතුළු වන ප්‍රධාන මාර්ගය නාසයයි. නාසය, මුඛය, මුහුණ ඇතුළු කුහර හරහා සිරුරට ඇතුළු වීමට පුළුවන්. හිස් කබල ඇතුළත තිබෙන කුහරවලට පසු අපේ මොළය පවා ආසාධනය කිරීමට හැකියාව තියෙනවා. නාස් මාර්ගයෙන් ඇතුල් වී පෙනහලු පවා ආසාධනය වීමට පුළුවන්.
සම මත කැපුමක දී හෝ තුවාලයක් වැනි දේක දී සම තුළින් සිරුරට ඇතුළු වන්න පුළුවන්. මේ ආකාරයට සිරුරම ආසාධනය කරන්න පුළුවන්.
නාසයට ඇතුලු වීම හරහා සිදුවන ආසාධනයේ දී හඳුනාගෙන නිසි ප්‍රතිකාර නොකිරීම හරහා මෙය තවත් වර්ධනය වීමට පුළුවන්. ඒ අනුව, ඊළඟට ආසාධනය කරන්නේ ඇස් දෙකයි. මෙහි දී ඇස්වල ඉදිමුම / ඇස් ඉදිරියට නෙරා ඒම දැක ගන්න පුළුවන්. තව දුරටත් නිසි වෛද්‍ය ප්‍රතිකාර නොකළ විට ඉන් පසු හානියට පත්වන්නේ මොළයයි. එය ඉතාම බරපතල තත්ත්වයක්.
රෝගය සීඝ්‍රයෙන් වර්ධනයේ දී,
මෙය තවත් උග්‍රව පවතී නම් ඇස් දෙක අන්ධ වීමට පවා බලපායි.
මෙහි අපහසුතාවය කොතරම් ද කියනවා නම් රෝගීයාගේ කොටස් ශල්‍යකර්ම මගින් ඉවත් කර දැමීම සිදු කරයි.
ඔබ දිර්ඝ කාලයක් එකම මුව ආවරණය පළදින්නේ නම් මේ රෝගය වැළදීමේ අවකාශය වැඩියි.
එක් වරක් පමණක් භාවිත කිරිමට ඇති මුව ආවරණ දිගු කලක් මුළුල්ලේ සිට පැළඳ සිටින රෝගීන් අතර දිගු කලක් භාවිතය නිසා මේ රෝගයෙ හි ලක්ෂණ එන බවට සොයා ගෙන තියනවා.
ඒ නිසා ඔබ භාවිතා කරන මුව ආවරණයක් දිගු කළක් පැළ ද නොසිටීමට වග බලා ගන්න.
මන් ද යත් හුස්ම ගන්නා විට ප්‍රාශ්වාස වාතයේ පවතින ජලය මුව ආවරණයේ රැදීම දිගින් දිගට රැදෙන ජලය තෙතමනය දිලීර වලට පමණක් නොව ක්ෂුද්‍ර ජීවින් වර්ධනයටත් යෝග්‍ය පරිසර සාධකයක්.
තුනී රෙදි වලින් මැසු මුව ආවරණය භාවිතය ද සමහරු කරනවා. නමුත් එය Covid 19 ට සුදුසු ක්‍රමෝපායක් නෙමේ.
මුව ආවරණය එක් වරක් භාවිතා කර නිසි ලෙස ඉවත් කර නැවත අලුත් එකක් භාවිතා නොකර නැවත නැවත භාවිතයට ගැනීම සිරුර තුළට ලෙඩ රෝග හා බොහොමයක් ආසාධන තත්වයන් බලෙන් අද්දවා ගැනීමකි.
මුව ආවරණ නිසි භාවිතය හා මනාව සෞඛ්‍ය ආරක්ෂිත ලෙස තම පුද්ගලික පිරිසිදු භාවය හා සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීම තුළ ඔබත් රටත් සුරක්ෂිතයි.
Saru FM Media