මේ දවස් වල සුලබ ඇඹරැල්ලා වලින් හදන්න පුලුවන් කෑම

0
15


ඇඹරල්ලා කියන්නේ ගොඩක් ගුණ පලතුරක්. දියවැඩියාවට, සෙම් රෝග වලට, මල බද්ධයට වගේ ගොඩක් රෝග වලට ඇඹරැල්ලා ගුණයි. ඉතින් අඩ බලමු අපිට ඇඹරැල්ලා වලින් හදන්න පුලුවන් කෑම ජාති මොනාද කියලා..

01. ඇඹරැල්ලා මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය:-
පොතු හැරගත් ඇඹරැල්ලා ගෙඩි 10-12
කපාගත් සුදුළූණු බික් 3-4
මිරිස්කුඩු තේ හැඳි 3
තුනපහ කුඩු තේ හැඳි 1
කෑලිමිරිස් තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1/2
සීනි තේ හැඳි 4
කරපිංචා ස්වල්පයක්
ලුණු
මිටි කිරි කෝප්පයක්

  • ඇඹරැල්ලා දෙකට හෝ හතරට කපාගන්න. ලුණු හා කහ ටිකක් දාලා තම්බගන්න.
  • වෙනම භාජනයකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට මිරිස්කුඩු, තුනපහ කුඩු හා කෑලිමිරිස් දාලා බැදෙන්න අරින්න.
  • මේකට සීනි ටිකත් දාලා ටිකකින් ඇඹරැල්ලා ටික එකතු කරගන්න.
  • විනාඩියක් විතර තෙම්පරාදු කරගෙන ඇඹරැල්ල වැහෙන ගාණට වතුර එකතු කරල පියනකින් වහල තම්බගන්න.
  • මිටිකිරි එකතු කරල, උතුරනකොට රස බලල, සීනි මදි නම් තව එකතු කරලා රස අනුව ලුණු දාගන්න. කිරි හිඳෙනකම් ලිපේ තියාගන්න.

02. ඇඹරැල්ලා චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය:-
ඇඹරැල්ලා කිලෝ 1
සීනි ග්‍රෑම් 600
ඉඟුරු ග්‍රෑම් 20
විනාකිරි කෝප්ප 1
සුදුළූණු බික් 5-6
එනසාල් හා කරාබු නැටි කිහිපයක්
මිරිස්කුඩු තේ හැඳි 5
ලුණු රස අනුව
කුරුඳු පොතු කෑල්ලක්

  • ඉඟුරු, සුදුළූණු, එනසාල්, කරාබු නැටි හා කුරුඳු පොතු ඔක්කොම දාලා විනාකිරි කෝප්ප 1/2ක් එක්ක බ්ලෙන්ඩ් කරගන්න.
  • දැන් භාජනයක් ලිපේ තියලා මේ බ්ලෙන්ඩ් කරගත් ටික දාලා ඉතුරු විනාකිරි ටිකත් දාලා සීනි එක්ක ලිපේ තියන්න.
  • ලුණු ටිකකුත් දාගන්න.
  • සීනි දියවෙලා උතුරනකොට කපාගත් ඇඹරැල්ලා ටික එකතු කරන්න.
  • මද ගින්දරේ හොඳට හැඳි ගාගන්න.
  • ඉස්ම හිඳී නොයන සේ යන්තම් තෙත ගතිය හිටින්න හැඳිගාගෙන ලිපෙන් බාගන්න.

03. ඇඹරැල්ලා දෝසි

අවශ්‍ය ද්‍රව්‍ය:-
ඇඹරැල්ලා ගෙඩි 10-12
සීනි කෝප්ප 1
තලාගත් කරදමුංගු ඇට 3
ලුණු රස අනුව

  • ඇඹරැල්ලා ගෙඩි සුද්ද කරලා ගෑරැප්පුවකින් ඇනලා ටිකක් හිල් කරගන්න. තරමක කෑලි කපාගන්න.
  • මේ ඇඹරැල්ලා වලට වැහෙන ගාණට අඩුවෙන් වතුර දාලා තම්බාගන්න. වතුර ගොඩක් දාගන්න එපා.
  • ඇඹරැල්ලා තැම්බීගෙන එනකොට සීනි හා එනසාල් එකතු කරන්න. ලුණු ටිකකුත් දාලා මද ගින්නෙ පිසගන්න.
  • සෑහෙන වෙලා පිසගන්න වෙනවා මේක. ඒ නිසා සැරෙන් සැරේ අඩිය අල්ලන්න නොදී කලවම් කරගන්න.
  • ඇඹරැල්ලා රන්වන් පාට වෙනකල් පිසගෙන, ලිපෙන් බාගන්න.

04. ඇඹරැල්ලා සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය:-
පැහුනු ඇඹරැල්ලා ගෙඩි 5
සිහින්ව කපාගත් රතු ලූණු ගෙඩි 10
සිහින්ව කපාගත් අමුමිරිස් කරල් 1-2ක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
කැමති නම් කෑලි මිරිස් තේ හැඳි 1/2
කැමති නම් උම්බලකඩ තේ හැඳි 1/2
ගාගත් පොල් කෝප්ප 1/4
අවශ්‍ය පමණට ලුණු

  • ඇඹරැල්ලා ගෙඩි වල පොතු ඇරලා ග්‍රේටර් එකකින් ගාගන්න.
  • මෙයට අනෙකුත් කලමනා ටික ඔක්කොම එකතු කරලා අනාගන්න.
  • බත් එක්ක ආහාරයට ගන්න පුලුවන්.

05. ඇඹරැල්ලා කොල සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය:-
ඇඹරැල්ලා දළු කොල අතු 10ක් පමණ (පොඩිම දළු නොවේ)
රතු ලූණු ගෙඩි 5-6
අමුමිරිස් කරල් 1-2ක්
පොඩියට කපාගත් තක්කාලි පොඩි ගෙඩි 1
කැමති නම් උම්බලකඩ තේහැඳි 1ක්
ලුණු රස අනුව

  • ඇඹරැල්ලා කොල ටික හීනියට කපාගන්න.
  • ලූණු සහ අමුමිරිස් හීනියට ලියාගන්න.
  • දැන් මේ ඔක්කොම එකට කලවම් කරන්න.
  • ලුණු සහ උම්බලකඩ එකතු කර කල්වම් කරන්න.
  • බත් සමඟ ආහාරයට ගන්න පුලුවන්.

The post මේ දවස් වල සුලබ ඇඹරැල්ලා වලින් හදන්න පුලුවන් කෑම appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here