මේ දවස් වල කුස්සියේ බඩු පිරිමහගෙන වැඩ කරන්න ස්මාර්ට් ටිප්ස්.

0
13


පිරිමැස්ම ගැන නම් මේ කාලේ ගෘහණියන්ට කියලා දෙන්න කිසිම දෙයක් නැහැ .සියලුම දෙනා ආහාර පරිස්සමින් පාවිච්චි කිරීම ගැන ප්‍රායෝගිකවම අත්හදා බැලීමේ කාලයකට යටත්ව සිටිනවා වගෙයි. ඉතින් පිරිමසා ගැනීමේ සටනට මේ වෙලාවේ එළැඹ ඇති ඔබට කුස්සියේ බඩු පිරිමහගෙන වැඩ කරන්න ස්මාර්ට් ටිප්ස් සහිත මේ ලිපිය ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.

බඩු ඔන්ලයින් ඕඩර් කරනව නම් හෝ ඔබ ගිහින් මිලදී ගන්නව නම් වුනත් අනවශ්‍ය ලෙස බඩු මිලදී ගන්න උත්සහ කරනවට වඩා අවශ්‍ය බඩු ලිස්ට් එක ලියාගෙන එය පමණක් මිලදී ගන්න උත්සහ කරන්න.මොකද මුදල් කියන්නෙ මේ දිනවල අපි හැමෝම වැදගත් දෙයක් නිසා. නමුත් මේ දිනවල පවතින තත්වය නිසා බොහෝ දෙනෙක් අනවශ්‍ය ලෙස පැනික් බයින් වලට ලොකු මුදලක් නොදැනීම වැය කරනව.

මේ දිනවල එළවළු මිලදී ගැනීමේදී කල් තබා ගත හැකි එළවළු මිලදී ගන්න .

අලු කෙසෙල් ,කෙසෙල් මුව ,කරවිල ,අල ,වැනි දේ ගැඹුරු තෙලේ බැද සුළං නොවැදෙන ලෙස අසුරා තබා ගැනීමෙන් ගැනීමේ මාසයක පමණ කාලයක් තබා ගන්නට පුළුවන් .

ඔබට ගෙවත්තක් තිබෙනවා නම් එයින් ද ආහාර හොයා ගන්න පුළුවන් වේවි .

නැත්නම් ඔබ ඉවත විසි කරන නිවිති දඬු ,කංකුං මුකුණුවැන්න ගොටුකොළ ලීක්ස් දඬු පැල කරන්ට පුළුවන් .සති කිහිපයකින් අස්වැන්න ත් ලැබෙනවා .

පලා වර්ග එක වර හොදින් සෝදා කිචන් ටවල් එකක් මත අතුරා වතුර බේරුන පසු පත්තර කොල වල අතුරා ශීතකරණයේ දමන්න. නැතිනම් සිප් ලොක් බෑග් වල වුනත් දමා තියා ගන්න පුලුවන්

ළුණු වර්ග හා අල වර්ග ප්ලාස්ටික් කූඩ වල අහුරා තබනවාට වඩා පන් වට්ටියක හෝ වියලි ස්තානයක අතුරා තබන්න. එවිට වැඩි කලක් බීළුනු, රතුළුණු හා සුදුළුණු අල වැනි ද්‍රව්‍ය තබා ගන්න පුලුවන්

බත් ඉතිරි වූ විට පසුවදාට දිය බත් ,ඉතුරුම් බත් දොදොල්,ගැඹුරු තෙලේ බැදගෙන සීනි දමා ගැනීම,වේලා ගැනීමෙන් අග්ගලා , ආදී බොහෝ කෑම වර්ග සාදාගන්න ට හැකියාව තිබෙනවා.

දෙහි පාවිච්චි කිරීමෙන් පසු ලෙල්ල විසි කරන්නට එපා විසිකරන්නට එපා ලුණු දෙහි දමා ගන්න.

එළවළු වර්ග සීමිත නිසා ඉස්සර වගේ එලවලු කීපයක් සමග බත් කන්න අපිට අපහසු වෙන්න පුලුවන්

මේ නිසා එළවළු බතක් එක්ක එක් ව්‍යාංජනයක් , නූඩ්ලස් වර්ග, පැස්ටා වර්ග හදල නිර්මාණශීලී විදියට ගෙදර පොඩ්ඩන්ට මේ අපහසු තත්ව නොතේරෙන විදියට කළමනාකරණය කර ගන්න ඔබට පුලුවන්

ඒ වගේම එක එළවළුවක් එක දවසට සම්පූර්ණයෙන් උයනවට වඩා එළවළු කිහිපයක් පොඩි ප්‍රමාණ වලින් යොදල එක් ව්‍යංජනයක් ලෙස පිළියෙල කර ගැනීමෙන් දින කිහිපයක් මිලදී ගන්න එළවළු කිහිපයකින් යැපෙන්න ඔයාට පුලුවන් .එවැනි දිනයට මැල්ලුමක් හෝ සලාදයක් සමග යම් බැදුමක් ආහාර වේල සම්පූර්ණ කිරීමට යොදා ගන්න ඔබට පුලුවන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here