ඔහු මේ බව පැවසූවේ, හෙද හෙදියන් 3147ක් සඳහා පත්වීම් ලබා දීම වෙනුවෙන් අද (24) අරලියගහ මන්දිරයේ පැවති උත්සවයක් අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස,
“මේ තමයි හෙද සේවයට එකවර පත්වීම් ලබා දෙන විශාලම ප්‍රමාණය. නව රජය පත් වූවාට පසු රාජ්‍ය සේවයට එකවර බඳවා ගන්නා විශාලම කණ්ඩායම.
අපි ඉන්නේ පුනරුද යුගයක. අපි කවුරුත් මේ රට වෙනස් කිරීමේ අරමුණින් ඇප කැප වෙලා වැඩ කරන අය. අපිට විශාල බලාපොරොත්තුවක් තිබෙනවා රටේ අනාගතය පිළිබඳව. ඒ බලාපොරොත්තු ඉටු කර ගන්න නම් ඔබත් ඇතුලුව සියලු දෙනාම ආණ්ඩුව පමණක් නොවෙයි සමස්ත රාජ්‍ය සේවාවම ඒ අරමුණින් කටයුතු කල යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා රාජ්‍ය සේවය මාතෘත්වයේ ගුණාංග සහිතව කටයුතු කරයි කියලා. රාජ්‍ය සේවාව කාර්යක්ෂමව, ඵලදායීව හා නිවැරදිව මනුෂ්‍යත්වයෙන් සපිරිව කටයුතු නොකළහොත් අපි බලාපොරොත්තු වන ප්‍රගමනයට පුනරුදයට ගමන් කරන්න ලැබෙන්නේ නැහැ. දැන් අප ඉන්නේ එවැනි අවස්ථාවක”
අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, නිලධාරීන් හා කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී වූහ.
Saru FM Media