මේ ඩෙනිම් කලිසම් වර්ග ගැන ඔබ දන්නවාද?

0
10


ඩෙනිම් කලිසම් කියන්නෙ අද වෙද්දී සාමාන්‍ය ගමනකට, කාර්යාලයට වගේම උත්සව අවස්ථා වලට වුනත් අඳින්න පුළුවන් ඇඳුම් මෝස්තරයක් බවට පත්වෙලා තියනව.

ඊට ගැළපෙන ආභරණ, පාවහන් සහ උඩ ඇඳුම් මෝස්තරත් එක්ක විවිධ විදිහට හැඩවෙන ඩෙනිම් කලිසම් අද වෙද්දි ඕනෑම වයසක කාන්තාවන් සහ පිරිමින් අතර ඉතාම ජනප්‍රිය විලාසිතාවක්.

විවිධ පාට, විවිධ මෝස්තර වල ඩෙනිම් කලිසම් අද වෙළඳපොලේ දකින්න ලැබෙනව. 

වෙළඳපොලේ ජනප්‍රිය වෙලා තියන කාන්තා ඩෙනිම් මෝස්තර කීපයක් ගැන ඔබත් එක්ක කතා කරන්නයි අපේ මේ සූදානම.

ඔබ කැමති වර්ගයේ ඩෙනිම් කලිසමක් තෝරගන්න මේ ලිපිය ඔබට උදව් වෙයි කියල අපි විශ්වාස කරනවා. 

Skinny jeans ඔබේ කකුල් වල හැඩය ගන්න විදිහට නිර්මාණය වෙලා තියන ඩෙනිම් කලිසමක්.

බොහෝ විට ඇදෙන රෙදි වර්ගයකින් තමයි skinny jeans නිර්මාණය වෙලා තියන්නෙ. 

ඔබට තියන්නෙ හැඩැති, සිහින් සහ දිග කකුල් නම් skinny jeans කියන්නෙ ඔබට හොඳින් ගැළපෙන ඩෙනිම් විලාසිතාවක්.

High, mid සහ low rise waist (ඉණන් උඩට,ඉණ දක්වා සහ ඉණෙන් පහළට) ලෙස skinny jeans විලාසිතා දකින්න ලැබෙනවා. 

ඊට අමතරව වළලුකර දක්වා දිග වගේම සම්පූර්ණ කකුලම ආවරණය වෙන්න නිර්මාණය වුන skinny jeans විලාසිතාත් දකින්න පුළුවන්. 

ඔබ සොයන්නෙ skinny jeans වලට වඩා තරමක් ලොකු කකුල් ඇති jeans වර්ගයක් නම් ඔබට ගැළපෙනම තේරීම තමයි straight leg jeans කියන්නෙ.

මේ jeans වල උකුල ප්‍රදේශයේ සිට කකුල් වල පහළ දක්වාම එකම පළලකින් යුක්ත වෙනවා. ඒ නිසා ඔබේ කලිසම සහ කකුල් අතර යම් පරතරයක් තිබෙනවා. 

High, mid සහ low rise waist (ඉණන් උඩට,ඉණ දක්වා සහ ඉණෙන් පහළට) ලෙස straight leg jeans විලාසිතාත් වෙළඳපොලේ දකින්න ලැබෙනවා. 

ඔබේ කකුල් වල දිග පෙන්වන්න ඉතාම හොඳ ඩෙනිම් විලාසිතාවක් බවට straight leg jeans හඳුන්වා දෙන්න පුළුවන්.

මේ ඩෙනිම් වර්ගයේත් වළලුකර දක්වා වගේම සම්පූර්ණ කකුලම ආවරණය වෙන්න නිර්මාණය කරපු විලාසිතාත් දකින්න ලැබෙනවා. 

බොහෝ විට high rise waist (ඉණෙන් උඩ) ආකාරයට දකින්න ලැබෙන wide leg jeans වල කකුල් straight leg jeans වලට වඩා පළල් වෙනවා.

ඒ වගේම straight leg jeans මෙන් නොව wide leg jeans වල උකුල ප්‍රදේශයත් වඩා පළල්ව පිහිටන ලෙසයි නිර්මාණය කරන්නේ. 

ඔබේ කකුල් වල උස පෙන්වීමට මෙයත් ඉතාම හොඳ විලාසිතාවක් බව පිළිගැනෙනවා. 

Boot cut jeans ඔබේ දණිස්සෙන් ඉහළ ප්‍රදේශය ඔබේ කකුල් වලට ඇලී පවතින විදිහට නිර්මාණය කරල තියෙනවා. 

දණිස්සෙන් පහල කොටස කකුල් වලටම ඇලී නොපතින විදිහට යම් තරමක් පළල්ව නිර්මාණය වෙලා තියෙනවා. 

දණිස්සෙන් පහල සිටම කලිසමේ අවසානය දක්වාම එකම පළලක් තමයි boot cut jeans වල දකින්න ලැබෙන්නෙ. 

ඔබේ සිරුරේ හැඩය පෙන්වන්න ඉතාම හොඳ විලාසිතාවක් ලෙස boot cut jeans හඳුන්වන්න පුළුවන්. 

Boot cut jeans වල වගේම flared jeans වලත් ඔබේ දණිස්සෙන් ඉහළ ප්‍රදේශය ඔබේ කකුල් වලට ඇලී පවතින විදිහට නිර්මාණය කරල තියෙනවා. 

නමුත් flared jeans වල දණිස්සෙන් පහළට ක්‍රම ක්‍රමයෙන් විහිදී යන අකාරයට පළල් වෙන හැඩයක් තමයි දකින්න ලැබෙන්නෙ.

කලිසමේ කකුල් අවසාන වෙන තැන වැඩිම පළලකින් යුතු වෙනව. 

ඔබේ සිරුරේ හැඩය පෙන්වන්න වගේම කකුල් වල දිග වැඩිපුර ඉස්මතු කරල පෙන්වන්නත් flared jeans කියන්නෙ ඉතාම හොඳ තෝරගැනීමක්. 

70 දශකයේ යුරෝපීය මව්වරු අතර වඩාත් ජනප්‍රිය වුන විලාසිතාවක් තමයි moms jeans නමින් අද වන විට නැවතත් ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතින්නේ. 

Moms jeans වල බොහෝවිට high rise waist (ඉණ ප්‍රදේශයට උඩින් කලිසම ආරම්භ වෙනවා) දකින්න ලැබෙනව වගේම ඉණ සිහින් හැඩයක් ගන්නවා. 

ඒ වගේම පිටුපස සහ උකුල ප්‍රදේශය වඩා පළල් වෙන නමුත්, කකුල් ඊට වඩා පළලින් අඩුවෙනවා. 

ඒ නිසා wide leg jeans වලට වඩා කකුල් වල පළල අඩුවෙන් තමයි දකින්න ලැබෙන්නෙ. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here