මේ ඉරියව් වලට නිදා ගත්තොත් ලෙඩ ගොඩක් එක්ක නැගිටින්න වෙයි.

0
10


වෙහෙසකාරී දවසක් අවසන් විය යුත්තේ හොඳ නින්දකින්.නින්ද අපේ සෞඛ්‍ය යහපත්ව තබා ගන්න අත්‍යවශ්‍යම දෙයක්.සුවපහසු කාමරයක්, හොඳ ඇඳක් තිබුණාට අපිට ඇත්තටම ලැබෙන්නේ හොඳ නින්දක් ද?ඔබේ පිළිතුර ඔව් වෙන්න ඇති. නමුත් අපි කියනවා ඔබ සැපට නිදා ගන්න යෑමෙන් ලෙඩත් හදා ගන්නවා කියලා.මේ මොකක්ද මේ කතාව කියලා ඔබ හිතුවට ඔබේ වැරදි ඉරියව් තමයි ඔබව මේ විදියට ලෙඩ කරන්නේ.

ඉතින් ජීවිතේ හැමදෙයක්ම වගේ නින්දත් ස්මාර්ට් වෙන්න ඕනෑ. නින්දේ නිවැරදි සහ වැරදි ඉරියව් ගැන අපි මේ විදියට ඔබව දැනුවත් කරන්න හිතුවේ ඒ නිසා.

මෙය නින්දට ගැළපෙන ඉරියව්වක්.කොඳු ඇට පෙළ ආරක්ෂා කිරීමට උකුල් හා දණහිසේ වේදනාව සමනය කිරීමටද එය උපකාරී වෙනවා.නමුත් ඔබට නින්දෙන් ගෙරවීම සිදු වෙනවා නම් මේ ඉරියව්ව ඒ තරම්ම සාර්ථක වෙන එකක් නෑ.අනිත් කාරණාව ඔබ මෙහෙම නිදා ගන්නවා නම් උස කොට්ටයක් භාවිතා කරන්නත් ඕනෑ.එවිට උදරයේ ආම්ලිකතාවය උගුරට පැමිණීම වැළකෙනවා.ඒත් Sleep apnea රෝගය සහිත නම් මේ ඉරියව්ව ඔබට ස්වසන අපහසුතා ඇති කරන්න පුලුවන්.

පිටකොන්දේ ආබාධ අඩු වීම සහ නින්දෙන් ගෙරවීම වැලැක්වීම මේ ඉරියව්වේ වාසි ලෙස හඳුන්වන්න පුලුවන්.
ඔබට මේ ඉරියව්වෙන් පහසුවෙන් නිදා ගන්න අවශ්‍ය නම් දණහිස් අතර කොට්ටයක් තබා ගන්න.

හිස සහ ගෙල මඳක් උස්ව තබා නින්දට යාම පිට කොන්දේ ආබාධ ඇති අයට ඉතා පහසු ඉරියව්වක්.

රැයක් පුරා එකම පැත්තකට හැරී නිදා ගැනීම ඔබේ උරහිසේ වේදනා ඇති කරන්න හේතුවක්.ඔබට උරහිස් වේදනා හට ගන්නවා නම් අනිවාර්යයෙන් ම ඒ ඔබේ වැරදි නිදි ඉරියව්ව වෙන්න ඉඩ වැඩියි. ඒ නිසා එක් පසකට හැරී නිදා ගන්නවා නම් මඳ වෙලාවක් උඩු අතට නිදා ගැනීම අනෙක් පස හැරී නිදා ගැනීම කළ යුතුමයි.

ඒත් ඔබට පහසු පැත්තකට හැරී නිදා ගැනීම ගෙරවීම පාලනයට හේතු වෙනවා.ඒ වගේම මෙය ඔබේ රාත්‍රී ආහාරයත් ඉක්මනින් දිරවන්න හේතුවක්.

නිදා ගන්න ඉරියව් වලට ලකුණු දුන්නොත් ලකුණු බිංදුවක් ලැබෙන ඉරියව්ව තමයි මේ.නිදි උළුක්කුවට ප්‍රධානම හේතුව මේ ඉරියව්වයි. ඒ වගේම ඔබේ සන්ධි වල වේදනාවත් මෙය හේතුවක්.හුස්ම ගැනීමට අවහිරතා ඇති වීමෙන් උගුරේ වේදනා හට ගන්නත් හැකියි. කොන්දේ වේදනාව ඇති නොවෙන්න නම් බඩට කොට්ටයක් තබා ගැනීම යෝග්‍ය වෙනවා.මේ ඉරියව්වෙන් නිදනවා නම් හිසට කොට්ටයක් තබා නොගැනීම හෝ තුනී කොට්ටයක් තබා ගැනීම තමයි යෝග්‍ය වන්නේ.

වැලමිට හෝ මැණික් කටුව දිගු වේලාවක් නැමී තිබීම නිසා ඔබ අත්වල හිරි වැටීම සිදුවිය හැකියි.

පළල් උකුලක් ඇති කාන්තාවන්ට වැරදි ඉරියව්වලට නිදා ගන්නා විට ශ්‍රෝණිය ආශ්‍රිත වේදනා හට ගන්න ඉඩ තිබෙනවා.

වැරදි ඉරියව් වලට නිදා ගන්නා විට ඔබට හුස්ම ගැනීමේ අපහසුතා, නින්දෙන් තදබල ලෙස ගෙරවීම සහ දිව හැපීම් වැනි තත්ව ඇති විය හැකියි.

ඔබ වැරදි ඉරියව්වලට නිදා ගැනීමෙන් දිගු කාලීන ආබාධ ඇති වෙන්න පුලුවන්.ඔබේ අක්මාව, පෙනහළු සහ ආමාශය වැනි අභ්‍යන්තර අවයව වලට බලපෑම් ඇති කරන්න වැරදි ඉරියව් වලට නිදා ගැනීමේ පුරුද්දට හැකියාව තියෙනවා.

ඔබ නිදා ගන්නා ආකාරය ඔබට නොපෙනුණත් මේ රූපසටහන් නිසා ඒ ගැන ඔබට අවබෝධයක් ලැබෙන්න ඇති නේද? ඔබ උදෑසන අවදි වෙද්දි සිරුරට අපහසුතා දැනෙනවා නම් වඩා පහසු ඉරියව්වකට මාරු වී නිදා ගත යුතුමයි. ඒ වගේම සුවදායක නින්දක් ලබන්න මේ දේවල් කරන්නත් අමතක කරන්න එපා

අපහසුතා වගේම රෝගී තත්ව පවා ඇති කරන්න අපේ වැරදි ඉරියව් හේතුවක්. ඒ නිසා හරියට නිදා ගන්න.

සුබ රාත්‍රියක්!



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here