මේ ආහාර වර්ග ශීතකරණයේ තබන්න එපා

0
9


ස්මාර්ට් ලේඩි වෙබ් අඩවියෙන් අපි ශීතකරණයේ ආහාර ගබඩා කරන හැටි, ශීතකරණය පිරිසිදු කරන හැටි වගේ දේවල් කතා කළා ඔබට මතක ඇති.  ඒත් මේ කතාව ඊට වෙනස්. ශීතකරණයේ ගබඩා කළ යුතු නැති දේවල් ගැනයි මේ ඔබට කියන්නේ.

තක්කාලි

තක්කාලි ශීතකරණයේ ගබඩා කිරීමෙන් එහි පෝෂක කොටස් විනාශ වෙනවා. තක්කාලි. ප්ලාස්ටික් හෝ පොලිතින් කවර වල කාමර උෂ්ණත්වය යටතේ අසුරන්න.

ළූනූ 

ළූනූ ශීතකරණයේ තැබීම නරක් වීම ඉක්මන් කරනවා. ඒ වගේම ළූනු සහ අර්තාපල් එකට ගබඩා කරන්නත් එපා. ළූනූ අමු මිරිස් සමඟ ගබඩා කරන්නත් එපා. අමු මිරිස් ඉක්මනින් ඉදෙන්න එය හේතුවක්. ඒ නිසා ළූනූ හා අමු මිරිස් වෙන වෙනම ගබඩා කරන්න.

අර්තාපල් 

අර්තාපල් අඳුරු හා වියලි ස්ථානයක ගබඩා කරන්න.  ශීතකරණයක තැන්පත් කිරීමෙන් අර්තාපල් වල රසය විනාශ වීමට ඉඩ තියනවා.
බතලත් ශීතකරණයේ ගබඩා කිරීම සුදුසු නෑ.

සමහර පළතුරු වර්ග.

කොමඩු, කෙසෙල් , අලිගැටපේර ශීතකරණයේ ගබඩා කළ විට ඒවාගේ පෝෂක ගුණ විනාශ වෙනවා. ඒ නිසා ඒවාත් කාමරඋෂ්ණත්වය යටතේ ගබඩා කිරීමයි සුදුසුම.
-නිබන්ධිකා-

The post මේ ආහාර වර්ග ශීතකරණයේ තබන්න එපා appeared first on SmartLady.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here