නිය අලංකරණය කියන්නේ වෙනමම කලාවක්. වර්තමානයේ නිය අලංකරණය සඳහා තරමක මිලක් වැය වුණත් එය තරුණියන් අතර ඉතාම ජනප්‍රියයි. කාලෙන් කාලෙට එන විලාසිතා අතර මේ දවස් වල trending වෙලා තියන nail arts ගැනයි මේ ලිපිය
බොහෝ දෙනා nude colors වලට ප්‍රිය කරනවා. ඉතිං මේ දවස් වල ඒ nude colors වලට glitter එකතු කරලා කරන nail arts බොහෝ දෙනා අතර ජනප්‍රිය වෙලා තියෙනවා.
Navy blue කියන්නේ ගොඩක් තරුණියන් ආස කරන වර්ණයක්. ඉතින් මේකත් එක්ක silver colour එකත් එකතු කරලා කරන nail arts මේ දවස් වල ජනප්‍රියයි.
දිලිසෙන ලා දම් පැහැයක් ඇතුළත් මේ විලාසිතාව ගැලපෙන්නෙ තරමක් වර්ණවත් උත්සවයකට වගේම වර්ණවත් ඇදුමකට. ඒ වගේම මෙය තනි දම් පැහැයක් එක්කත් භාවිතා කරන්න පුළුවන්
මෙය තරමක rich look එකක් ලබා දෙන nail art එකක්. ඕනෑම විලාසිතාවකට වගේම ඕනෑම ඇඳුමකටත් ගැලපෙනවා. රෝස පැහැය සහ ගෝල්ඩ් පැහැය මිශ්‍ර වූ මේ අලංකාර විලාසිතාවත් මේ දවස් වල ඉතාම ජනප්‍රියයි
මේ nail art එක සරලවම කිව්වොත් තද පැහැ , රටා මවන ලද ටයිල් එකක පෙනුම ලබා දෙනවා. ඒ වගේම මෙය විශේෂ උත්සව අවස්ථාවක ටත් ඉතාම සුදුසු විලාසිතාවක්.
කවුරුත් නොකරන විදිහේ nail art එකකට කැමති නම් ඔබට මේ ක්‍රමය අත්හදා බලන්න පුලුවන්. මෙහිදී එකිනෙකට නොගැලපෙන වර්ණ කීපයක් තමයි මේ nail art එක සඳහා භාවිතා කරන්නේ.
මේ nail art එක තරුණියන් අතර ඉතාම ජනප්‍රියයි. ඒ වගේම උත්සව සමයේදී බොහෝ දෙනා මේ nail art එක භාවිතා කරනවා. ඕනෑම ඇඳුමකට වගේම ඕනම උත්සවයකටත් මේ nail art එක ගැලපෙන නිසා ඔබටත් මෙය අත්හදා බලන්න පුළුවන්
Saru FM Media