බොහෝ දෙනෙකුට තියෙන ගැටළුවක් තමයි මේස් වල අවපැහැය ඉවත් නොවීම දිග කාලයක් මේස් භාවිතා කිරීමට නොහැකි වීම. ඒ ගැටලු දෙකටම පිළිතුරු මේ ලිපිය කියවන ඔබට ලැබේවි
උණුසුම් වතුර බේසමකට බේකිං සෝඩා හැඳි කිහිපයක් දමා මේස් හොඳින් පොඟවා ගන්න. ඉන්පසුව ඔබ සාමාන්‍යයෙන් මේස් සෝදන ආකාරයට රෙදි සෝදන කුඩු හෝ සබන් යොදා මේස් සෝදා ගන්න
මේස් වල අවපැහැය ඉවත් කරගන්න පුළුවන් තවත් පහසු ක්‍රමයක් තමයි මේ. හොඳින් උතුරන වතුර බේසමකට රෙදි සෝදන කුඩු යොදා වතුර නිවෙන තුරු මේස් හොඳින් පොඟවා ගන්න. ඉන් පසුව මේස් සෝදා ගන්න
විෂබීජ නාශකයක් සහ ස්වාභාවික බ්ලීචින් වර්ගයක් ලෙස ක්‍රියාකරන ලෙමන් ,උතුරන වතුරට දමා පැය බාගයක් පමණ මේස් පොඟවා ගන්න.ඉන්පසුව සාමාන්‍ය ලෙස සබන් හෝ රෙදි සෝදන කුඩු මගින් මේස් සෝදා ගන්න.
උණුසුම් වතුර බේසමකට සුදු විනාකිරි කෝප්පයක් එකතු කර මේස් එක රැයක් පමණ එහි පොඟවා ගන්න. පසු දින හොඳින් සබන් හෝ රෙදි සෝදන කුඩු යොදා විනාකිරි සුවඳ ඉවත් වන තුරු මේස් සෝදා ගන්න.
මේස් වල අවපැහැය ඉවත් කිරීමට භාවිතා කළ හැකි තවත් හොඳම අමුද්‍රව්‍යයක් ලෙස හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සැලකෙනවා. උණුසුම් වතුර බේසමකට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එකතුකර මේස් එහි පොඟවා ඉන්පසු සාමාන්‍ය ආකාරයට සබන් හෝ රෙදි සෝදන කුඩු වලින් මේස් සෝදා ගන්න
පිඟන් සෝදන සබන් වල ප්‍රබල පිරිසිදු කාරක අඩංගු වනවා. ඒවා මගින් මේස් වල ඇති අවපැහැ ගැන්වීම් තත්වයන් ඉවත් කර ගත හැකි වනවා. වතුර බේසමකට පිඟන් සෝදන සබන් ප්‍රමාණවත් තරම් එකතු කර ඔබේ මේස් එක රැයක් එහි පොඟවා ගන්න. ඉන්පසුව සාමාන්‍ය ලෙස රෙදි සෝදන කුඩු හෝ සබන් වලින් මේස් සෝදාගන්න .
මේස් වල ඉතා තද පැල්ලම් දක්නට ලැබෙනවා නම් හොඳින් උතුරන වතුර වලට බේකින් සෝඩා සහ ලෙමන් යුෂ එකතු කර මේස් එක රැයක් පොඟවා ගන්න .ඉන්පසුව ඔබ භාවිතා කරන සබන් වර්ගයක් යොදා ගෙන මේස් සෝදා ගන්න
අවපැහැ ගැන්වූනු මේස් නැවත යථා තත්ත්වයට පත් කරගන්නට පුළුවන් උපක්‍රම කිහිපයක් ගැනයි අපි ඔබට මේ ලිපියෙන් සඳහන් කළේ. සමහර අවස්ථාවලදී මේස් අවපැහැ ගැන්වීම් වලට ඔබේ සපත්තු වල ඇතුලත ඇති කුණු සහ දූවිලි ද හේතු වෙනවා. ඒ නිසා ඔබ භාවිතා කරන සපත්තු ඉතා හොඳින් පිරිසිදු කරන්නත් අමතක කරන්න එපා
Saru FM Media