මේක් අප් නැති ජිවිතයක් ගැන නිකමටවත් හිතලා තියෙනවද?

0
12


කාන්තාව ඇත්තටම සැම දෙනෙකුගේම ආකර්ෂණය දිනා ගන්නා චරිතයක් වන්නට අතිශයින් කැමතියිඒ සඳහා සිය රූපය ආභරණයක් කර ගැනීමට ඇය කැමැත්තක් දක්වනවා.

ඉතින් තමන්ගේ රුව ඔප්නංවා ගැනීමට ඇයට රුපාලාවන්‍ය ආලේපන අවශ්‍ය වුනාමේ මඟින් මුහුණ අඟ පසඟ වඩාත් සුන්දර කරගැනීම මෙන්ම අඩුපාඩු වසා ගැනීමද අවශ්‍යතාවයක් බවට පත්වුණාමේ ඔක්කොම ඇත්ත වුවත් අද අප මේ කතා කරන්නේ රුපලාවන්‍ය ආලේපන වලින් තොරව සිටින්නට අපට හැකියාවක් තිබේද යන්න විමසා බැලීමයි.

ආලේපන නවතා ගත නොහැකි වීමට තරම් වන ප්‍රධාන හේතුවත් මෙයයිනැහැඔබ ආකර්ෂණියයිමුලදී යම් අපහසුවක් දැනුනත් ඉතා ඉක්මනින්ම එය පහව යන බව සහතිකයි.

දිනපතා වන්දනාවක් ලෙස කරන මේ ආලේපන ගැල්වීමෙන් මිදුණු විට දැනෙන සැහැල්ලුව සතුට අත් විඳින්නට ඔබට පුළුවන්.

මේක් අප් එකකදී සම මතුපිට තට්ටු කිහිපයක්වත් ආලේප කිරීමට සිදුවෙනවා.මෙය ගැල්වීම මෙන්ම ඉවත් කිරීමම තරමක් වෙහෙසකර කටයුත්තක්නවත්වා දින කිහිපයක් ඇතුලත සම යථා තත්වයට පත්ව පැහැදිලිව දිස්වන්නට පටන් ගන්නවා.

දැන් ඔබේ ස්වාභාවික සුන්දරත්වය දිදුලන්නට වෙර නගනවාඒ නිසා වෙනදාට වඩා තරුණ පාටක් එය ඔබට ලබා දෙනවා.

සමහර විටෙක වෙනදා ඔබට එහා ගෙදරට යාමටත් ආලේපන ඇවසි වූ කෙනෙක් විය හැකියිනමුත් දැන් එහෙම නෙවෙයිඔබ ස්වාභාවික සුන්දරත්වය සේම තමාගේ රුව ගැන ඉහළ ආත්ම විශ්වාසයකින් හෙබි කාන්තාවක්.

එහෙම නේද ?

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here