මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට දින නියම වෙයි

0
15


2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 10 වන ඉරිදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අප්‍රේල් මස 04 එනම් හෙට දින සිට අප්‍රේල් මස 30 වනදා දක්වා මාර්ගත ක්‍රමයට එම විභාගය සඳහා අයදුම්පත් කැඳවන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ.

අප්‍රේල් මස 30 වන දින මධ්‍යම රාත්‍රී 12ට මාර්ගගත ප්‍රවේශය වසා තබන අතර කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරනවා.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් විය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබූ පාසලක පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඒ පිළිබඳ සම්පූර්ණ තොරතුරු නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here