මෙල්බලන් නගරාධිපති සහ කොළඹ නගරාධිපති අතර හමුවක්… – Saru News | සිංහල

0
3

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් සහ මෙල්බර්න් නගරාධිපති නික් රීස් අතර ද්වීපාර්ශවික සාකච්ඡාවක් පසුගිය 23 වනදා පවත්වා තිබේ.

ඒ, විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුවේ විශේෂ සංචාර වැඩසටහන යටතේ මේ දිනවල කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිතර අතර තුරදීය.

මෙම නිල සංචාරය පසුගිය 21 සිට මාර්තු 30 දක්වා පැවැත්වේ.

කොළඹ නගර සහ මෙල්බර්න් නගර අතර ඇති සමානකම් සහ නගර සභාවක් ලෙස මුහුණ දෙන පොදු අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ.

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සහ නාගරික උරුමයන් ගොඩනැගීමේ ප්‍රතිපත්ති වැනි ක්ෂේත්‍රවල මෙල්බර්න් නගර සභාවේ ක්‍රියාමාර්ග සහ අත්දැකීම් පිළිබඳවත්, එවැනි දැනුම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා බෙදා ගත හැකි ආකාරය පිළිබඳවත් මෙහිදී ගවේෂණාත්මක සාකච්ඡාවක නිතර වී ඇත.

මෙල්බර්න් හි විශාල ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ, සහෝදර නගර හවුල්කාරිත්වයක් ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී දෙපාර්ශවය අතර සාකච්ඡාවට බඳුන් වී තිබේ.

මෙම සාකච්ඡාව තුළින් ගැඹුරු සහයෝගිතාවයක්, සංස්කෘතික හුවමාරුවක් තුළින් විශාල ප්‍රගතියක් අත්පත් කර ගැනීමේ දොරටු විවර කරනු ඇති බව කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් සඳහන් කරයි.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here