මෙරට මාතෘ සෞඛ්‍ය සහ ප්‍රජා සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට ජපාන රජයේ මෙන්ම එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ සහාය හිමි වනවා.
ජපාන රජය සහ එක්සත් ජාතීන්ගේ ජන ගහන අරමුදලේ සහයෝගයෙන් මෙරට මාතෘ සෞඛ්‍ය සහ ප්‍රජනන සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට ඇමෙරිකා ඩොලර් මිලියන 529කට අධික වෛද්‍ය උපකරණ තොගයක් භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යරයා මේ බව කියා සිටියා.
මාතෘ සෞඛ්‍ය සහ ප්‍රජා සෞඛ්‍ය සේවා වැඩිදියුනු කිරීමේ විශේෂ වැඩපිළිවෙල ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමේදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ දැනුම පුළුල් කිරීම ඇතුළු තවත් සේවාවන් රැසක් ක්‍රියාත්මක කළ යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.
මෙසේ පිරිනැමුණු සෞඛ්‍ය උපකරණ විවිධ සේවාවන්ට අවශ්‍ය කෙරෙන ඒවා බවයි හෙළි වුණේ.
Saru FM Media