මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසය වෙනස් කරමින් ඉලෙක්ට්‍රොනිකව ගොනු කිරීම අරඹයි… – Saru News | සිංහල

0
2

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට හඳුන්වා දෙන ලද e-filing පද්ධතිය  මඟින් ඩිජිටල් පරිවර්තනයේ සුහුරු ප්‍රවේශය සනිටුහන් කරමින් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත.

ඒ අනුව ඊ ගොනු කිරීමේ පද්ධතිය 2026 පෙබරවාරි 10 වන දින සිට විවෘත කරන ලද අතර නීතිඥවරුන්ට මෙම යෙදෙවුම මඟින් ඉලෙක්ට්‍රොනිකව නඩු ගොනු කිරීම සඳහා අවකාශය නිර්මාණය වී ඇත. මෙම ක්‍රිවයාවලියේ සපලතාව තහවුරු කරමින් මේ වනවිට නඩු පැවරීම් රාශියක් ඉලෙක්ට්‍රොනිකව සිදු වී ඇත.

එම ක්‍රියාවලියේ සංදිස්ථානයක් වශයෙන් 2026 මාර්තු 26 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ විවෘත අධිකරණයේ කඩදාසි රහිත විද්‍යුත් පද්ධතිය මත පදනම් වූ ප්‍රථම නඩු විභාගය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසනගේ ප්‍රධානත්වයෙන්, විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා සහිත විනිසුරු මඩුල්ල හමුවේ සිදු කරන ලදි.

මෙම නඩුව තවදුරටත් සුවිශේෂි වන්නේ එය 2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍රය, විභාග දිනට පෙර දිනයෙදී පිට කිරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව ප්‍රකාරව රජය වෙත ගෙවීමට නියම කොට තිබූ රුපියල් මිලියන 03ක වන්දි මුදල වගඋත්තරකරු විසින් ගෙවීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහස කිරීමේ වරද පිළිබඳ නඩු කටයුත්තක් වූ බැවිනි.

නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදි නඩු ගොනුව පරිශීලනය සඳහා සාම්ප්‍රදායික ලිපි ගොනුවක් වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සකස් කරන ලද ඩිජිටල් නඩු ගොනුව පරිගණකය තුළින් විනිසුරු මඩුල්ල පරිශීලනය කරන ලදී.

වගඋත්තරකරුට එරෙහි අධිකරණයට අපහාස කිරීම පිළිබඳ චෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී වගඋත්තරකරු වෙත පහදා දීම ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර් මනෝදි හේවාවසම් විසින් සිදු කරන ලද අතර චෝදනා පත්‍රය මත සිය ඩිජිටල් අත්සන තබා විද්‍යුත් පද්ධතිය වෙත මුදාහැරීම මඟින් චෝදනා පත්‍රය වෙත ප්‍රවේශය අදාළ පාර්ශව වෙත ලබා දෙන ලදි. චෝදනා පත්‍රයේ වූ චෝදනා සම්බන්ධයෙන් ඉදිරි විභාගය 2026 මැයි මස 14 වැනි දිනට කල් තැබූ අතර එමඟින් ශ්‍රේෂ්ඨාධිකරණය ලේඛන රහිත (paper less) නඩු විමසීම කෙරෙනුයේ නවමු අත්දැකීමක් ශ්‍රී ලංකා ජනතාවට මුදාහැරීමටය.

මෙම නව ඊ ගොනු කිරීමේ යෙදවුම අධිකරණ පද්ධතිය ඩිජිටල් කිරීම සඳහා වූ “e-court” ව්යාදපෘතියේ කඩඉමක් වන අතර එහිලා සුවිශේෂිත්වය වන්නේ මෙම යෙදවුම සම්පූර්ණයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහාය ඇතිව පමණක් ගොඩනගා තිබීමය. මෙම පද්ධතිය ශ්‍රී ලංකා ටෙලිකොම්හි සහකාර කළමණාකරු (වෙඩ් අඩවි නිර්මාණ) උවිදු අනුරාධ විසින් සිදු කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් හදුන්වා දෙන ලද e-filing යෙදෙවුම ඔස්සේ වඩා ඵලදායි හා අඩු වියදම් සහිත නඩු ගොනු කිරීම සිදු කළ හැකි අතර එමඟින් ලිපි ද්‍රව්‍ය සඳහා වන විශාල විදේශ විනිමය සහ පිරිවැය ඉතිරි කර ගැනීමට හැකි වනු ඇත. තවද මෙම ක්‍රමවේදයේ ඇති පහසුව හේතුවෙන් නිතිඥවරු විශාල වශයෙන් විද්‍යුත් නඩු ගොනු කිරීම සඳහා යොමු වීම දක්නට ලැබේ. ශ්‍රී ලංකාව පුරා ඇති සියළු අධිකරණ සඳහා මෙම ක්‍රමවේදය නොබෝ දිනකින් හඳුන්වා දීම අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර් මනෝදි හේවාවසම්, නියෝජ්‍ය රෙජිස්ටාර්වරු වන අභිමානි සෙනෙවිරත්න සහ තරිඳු සහභාගී වූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ තොරතරු තාක්ෂණ නිලධාරි අචින්ත වැලිදෙණිය ප්‍රමුඛ ඒකකය හා කාර්ය මණ්ඩලය මෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම්හි උවිඳු අනුරාධ සහභාගි වන ලදි.

0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here