මෙරට වැඩිම රෝහල්ගත වීම් හදිසි අනතුරු හේතුවෙන් බව සෞඛ්‍ය ඇමති කියයි

0
1

මෙරට ජීවත්වන ජනතාවගෙන් වැඩිම ප්‍රමාණයක් රෝහල්ගතවීම් සිදුවන්නේ හදිසි අනතුරු හේතුවෙන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ මෙම හදිසි අනතුරු වළක්වාගත හැකි අනතුරු බවත් එමගින් සෞඛ්‍ය සේවාවට මෙන්ම රටේ ආර්ථිකයටද දැඩි ලෙස ප්‍රතිලාභ අත්වන බවය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ “අනතුරකදී සිදුවන ලේ ගැනීම වළක්වමු” යන තේමාව යටතේ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ පාගමනක් අද (12) පෙරවරුවේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අවස්ථාවේදීය.

මෙම පාගමන කොළඹ ජාතික රෝහල් පරිශයෙන් ආරම්භ වූ අතර විහාරමහා දේවී උද්‍යානය පසුකරමින් නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කෙරිණි.

හදිසි අනතුරු ලේකම් කාර්යාලය මගින් මෙය සංවිධානය කළ අතර මෙමගින් ප්‍රජාවගේ සහභාගීත්ව ලබා ගැනීම, හදිසි අනතුරු සම්බන්ධයෙන් රෝගීන්ට ප්‍රතිකාර කරන කාර්ය මණ්ඩලය අගය කිරීම අරමුණ විය.

අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ රටක් ලෙස ආර්ථික වර්ධනයක් සහිතව ඉදිරියට පැමිණෙන විට අනතුරු වළක්වා ගැනීම සඳහා වන මැදිහත් වීම් සෑම අංශයකින්ම සෑම පැතිකඩකින්ම සිදුවිය යුතු බවය.

තවද ජනතාව දැනුවත් කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද එයට එකතුකර ගනිමින් අවශ්‍ය දැනුවත් කිරීමද සිදු කරමින් අනතුරු අවම කර ගැනීමටත්, හදිසි අනතුරු හේතුවෙන් රෝහල් පද්ධතියට වන බලපෑම අවම කර ගැනීමටත් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here