මෙරට ලිංගාශ්‍රිත රෝගීන් ගැන එළියට ආ තොරතුරු 

0
2

ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන හා ඒඩ්ස් මර්දන වැඩසටහන යටතේ සායන 41ක් දිවයින පුරා පවත්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී අසන ලද පැනයකට පිළිතුරු ලබාදෙමින්, අද (05) ඔහු මේ බව අනාවරණ කළේය. 

එමෙන්ම ඒවායේ HIV ඒඩ්ස් ආසාදිතයින් 4,771ක්, සිෆිලීස් රෝගීන් 1,469ක් සහ හර්පීස් රෝගීන් 2,891 දෙනෙකු ප්‍රතිකාර ලබන බව ද ඔහු පැවසීය.

මේ අතර ඒඩ්ස් රෝගය වැළැක්වීම සඳහා ලබා දෙන ඖෂධයෙන් මේ වනවිට පෙති 36,421ක් පවතින බවත්, එය මාස හතරකට ප්‍රමාණවත් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා කීය. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here