මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ තවත් ප්‍රභලයෙක් සාජාහීදී අත්අඩංගුවට

0
10


මෙරට මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ තවත් ප්‍රභලයෙකු සාජා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩු අංජුගේ ප්‍රධාන ගෝලයෙකු බව කියන ‘රසල්’ නැමැත්තායි.

ශ්‍රී ලංකාව පාර්ශවයෙන් නිකුත් කරන ලද රතු වරෙන්තුවක් පදනම් කරගෙනයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ. 

කෙසේවෙතත් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය හරහා මෙතෙක් තොරතුරු වාර්තා කර නොමැති බවයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ.

නිල දැනුම් දීමකින් අනතුරුව ඊට අදාළව පියවර ගන්නා බව පොලීසිය සඳහන් කළා.

රසල් නැමැත්තාට එරෙහිව රුපියල් කෝටි 08කට අධික වංචා නඩුවක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වනවා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here