මෙරට තුළ පවුල් සංස්ථාව බිඳ වැටෙමින් පවතින බව කාදිනල් හිමි කියයි

0
2

මෙරට තුළ පවුල් සංස්ථාව බිඳ වැටෙමින් පවතින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

කළුතර 117වන ලූර්දු මාතා දේවස්ථානයේ වාර්ශික මංගල්‍යට එක්වෙමින් කාදිනල් හිමියන් මේ බව පැවසීය.

එහිදී අදහස් දක්වමින් කාදිනල් හිමියන් සඳහන් කර සිටියේ අද වන විට පවුල් ජීවිතය කඩාකප්පල් වීමේ ක්‍රමවේදයක් දක්නට ලැබෙන බවත් එය භයානක ලෙස මෙරට තුළත් පැතිරීගෙන යන බවය.

එමෙන්ම පවුල යනු සමාජයේ කුඩාම ඒකකය වන බවත් පෙන්වා දුන් කාදිනල් හිමියන් පැවසුවේ පවුල ශක්තිමත් නම් සමාජයද ශක්තිමත් වන බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

“අද කාලේ වෙලා තියන විශාලම විනාශය තමයි මේ පවුල් ජීවිතය කඩාකප්පල් වීමේ ක්‍රමවේදය. අද ශ්‍රී ලංකාව තුළත් මෙය ඉතාමත් භයානක අන්දමින් පැතිරීගෙන යන වසංගතයක් බවට පත්වෙලා තිබෙනවා. ඉතාමත්ම තේරුමක් නැති විදිහට හුදෙක් හැඟීම්වලට, රූපයට, පෙණුමට, සිනහවට පමණක් වහල්වෙලා විවාහ වෙලා ටික කලකින් එය අතහැර දමන යුවල් බොහොමයක් අද ශ්‍රී ලංකාව තුළ ජනිත වෙමින් පවතිනවා. කිසිම අර්ථයක් නැතිව විවාහ ජීවිතය සෙල්ලමකට ගන්න තත්ත්වයක් අද ලංකාව තුළ පවතිනවා. 

විවාහ ජීවිතය කියන්නේ සමාජයේ පදනම. සාර්ථක විවාහ ජීවිතයක් ගත කළොත්, සාර්ථක පවුල් ජීවිතයක් ගත කළොත් පවුල තමයි සමාජයේ කුඩාම ඒකකය. කතෝලික සභාව කියන්නේ කුඩාම ඒකකය තමයි පවුල කියලා. ඉතිං පවුල ශක්තිමත් නම් සමාජය ශක්තිමත් වෙනවා, පවුල් ජීවිතය ශක්තිමත් නම්, පවුල් ජීවිතය භක්තිවන්ත නම් කතෝලික සභාව භක්තිවන්න ආයතනයක් වීමේ හැකියාව පවතිනවා.”

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here