මෙරට තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

0
2

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පෙරේදා (11)  රාත්‍රී කාලයේ, යාපනය කරෙයිනගර් කෝවිලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ  විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබුණි.

එහිදී දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් ‍12 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට ගෙන තිබේ.

අප්‍රේල් 11 දින රාත්‍රී කාලයේ, යාපනය කරෙයිනගර් කෝවිලම් ප්‍රදේශයට ඔබ්බෙන් වු දේශීය ජල තීරය වෙත ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, එම නාවික විධානයට අනුයුක්ත යාත්‍රා යොදවා සිදු කර තිබුණි.

එහිදී, දේශීය ජල තීරය තුළ තවදුරටත් අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නීත්‍යානුකූලව ගොස් පරීක්‍ෂා කර ඇති අතර, දේශසීමා නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුණු එම ඉන්දීය ධීවර යාත්‍රාව සමඟ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ ඉන්දීය ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය කන්කසන්තුරෙයි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇති බව සඳහන් වෙයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here