මෙරට ජනගහනය 21,763,170 යි

0
10


ශ්‍රී ලංකාවේ ජනගහනය පුද්ගලයන් 21,763,170 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා .

ශ්‍රී ලංකාවේ ජනගහනය 2012 වසරේ සංගණයෙන් වාර්තා වූ පුද්ගලයන් සංඛ්‍යාවට වඩා මෙවර සංගණනයේදී 1,403,731 ක වැඩිවීමක් ප්‍රදර්ශනය කරන අතර 2012 සහ 2014 කාලය තුළ ජනගහනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතය සියයට 0.5 ක් බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ .

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් ඉහළතම කොටස වන සියයට 28.1 ක් බස්නාහිර පළාතේ ජීවත්වන සිටින අතර අඩුම සංඛ්‍යාව වන සියයට 5.3 ක් උතුරු පළාතේ පදිංචිව සිටින අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින 2,433,685 දිස්ත්‍රික්කයක සිටින ඉහළතම පුද්ගලයන් සංඛ්‍යාව වන අතර කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහණය 2,374,461 ක් බවයි එම දෙපාර්තමේන්තුව පවසනවා .

එම දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ජන හා නිවාස සංගණනයේ (2024) මූලික වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ ජනගහනය මෙසේ හෙළිවී ඇති අතර එම සංගණනයේ මූලික වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට භාරදුන් බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here