මෙරට ප්‍රථම විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අද (15) දින විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී විභාග කොමසාරිස් ජනරාල් ධුරයෙහි වැඩ භාර ගත්තා.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, 11 වන විභාග කොමසාරිස් ජනරාල් ධුරය හොබවන ඇය ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවාවේ 2005 කණ්ඩායමේ සාමාජිකාවක් බවයි.
එම සේවාවේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් ද වන ඇය විභාග කොමසාරිස් ජනරාල් ධුරයට පත් වීමට පෙර විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය පාසල් විභාග ශාඛාව භාර විභාග කොමසාරිස්වරිය ලෙස මෙන් ම පාලන හා විමර්ශන ශාඛාව භාර විභාග කොමසාරිස්වරිය ලෙස ද කටයුතු කර තිබෙනවා.
කොළඹ ඩී.එස් සේනානායක විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ධුරය හා විදුහල්පති ධුරය ද හොබවා ඇති නව විභාග කොමසාරිස් ජනරාල්වරිය ගාල්ල සංඝමිත්තා විදුහලේ ආදි ශිෂ්‍යාවක්.
රුහුණු විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබා ඇති ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනපති උපාධියත් කැලණිය විශ්වවිද්‍යාලයෙන් වාග්විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හිමි කරගෙන ඇති විශිෂ්ට චරිතයක්.



Saru FM Media